Header Ads

බයිට් කළ සුචරිතවාදීන්ට වික්ටර්ගේ උත්තරය.


තමන්ගේ දෙවන විවාහය සම්බන්ධයෙන් තම පුතුන් දෙදෙනා හා අන්තර්ජාලය ඔස්සේ පලවන විවේචන සම්බන්ධයෙන් ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා මාධ්‍යට අදහස් දක්වා ඇත.

ඔහු සදහන් කරන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් කිසිත් නොදැන තමන්ව විවේචනය කිරීම අසාධාරණ බවයි.

තමන් තම රසිකයන්ට කිසි දිනෙක අසාධාරණයක් සිදු කර නැතියිද පවසන ඔහු මෙම සිදුවීමේදී සමාජ මාධ්‍ය තම පෞද්ගලිකත්වයට සීමාව ඉක්මවා මැදිහත් වී ඇතැයිද කියයි.

තම බිරිද වියෝවී වසර 13ක් වන බවත් බවසන ඔහු බොහෝ දෙනාට ගැටළුව වී ඇත්තේ තම වයස හා දෙවන බිරිදගේ වයස බවත් සදහන් කරමින් ලංකාවේ මෙවැනි විවාහයන් සිදුවෙලාම නැද්දැයි ප්‍රශ්න කරයි.

මෙලොව ඕනෑම සත්වයෙක්ට ආදරය උවමනා බවත් ඊට වයස, කුල, මල, ආති, ආගම් සීමා නැතැයිද පවසන වික්ටර් රත්නායක මහතා ජනතාවට තමන් විවේචනයට අයිතියක් ඇතත් එම අයිතිය ඇත්තේ ඔවුන් සහ තමන් අතර සංගීතය පිළිබඳව කාරණයේදී මිස පුද්ලික ජීවිතය ගැන නොවන බවද කියයි.

තම පුද්ගලිකත්වය විවේචනය නොකර තම සංගීතය විවේචනය කරන ලෙසද ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටී.

ලෙලුම් රත්නායකත් මේ ගොඩටම දාන්න පුළුවන් කියල කියන්නෙ?

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවීන කවියෙකු සිනමා විචාරකයෙකු වන බුද්ධදාස ගලප්පත්ති මහතාද අපූරු සටහනක් සිය ෆේස්බුක් පිටුවේ තබා තිබේ.

එහි මෙසේ දැක්වේ.
ෂිහ්, වික්ටර්ව බයිට් එකට ගන්න හදන සුචරිතවාදී අපතයන්ට මේ නම් ගම් අමතක වෙලා වගේ නේ. නිකමට මතක් කරගන්නකෝ මේ කට්ටියවත්. සරච්චන්ද්‍ර,ගාමිණී ෆොන්සේකා, ජෝතිපාල, සුචරිත ගම්ලත්,ආර්.ආර්.සමරකෝන්,Premakeerthi,සහ ජීවතුන් අතර ඉන්න බොහෝ දෙනා (නම් ගම් ඕන නැහැ නේ දන්නව නේ කට්ටිය කවුද කියලා)


ලෙලුම් රත්නායකත් මේ ගොඩටම දාන්න පුළුවන් කියල කියන්නෙ?

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.