Header Ads

ඔස්කා සම්මාන උළෙලේදී සිදුවූ වරදට දඬුවම් ලැබූ නිලධාරීන් දෙදෙනාට මරණ තර්ජන.


පසුගියදා නිමාවට පත් වූ ඔස්කා සම්මාන උළෙලේදී සිදු වූ අතපසු වීමක් හේතුවෙන් සේවයෙන් නෙරපූ ගණකාධිකාරීවරයාට සහ ගණකාධිකාරීවරියට ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇති බව PWC ගණකාධිකාරී ආයතනය පවසයි.

අදාළ පුද්ගලයින් දෙදෙනාට සමාජ වෙබ් අඩවි ඔස්සේ මරණීය තර්ජන එල්ල වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 26 වන දින පැවති ඔස්කා සම්මාන උළෙලේදී හොඳ ම චික්‍රපටය ලෙස La La Land චිත්‍රපටය සම්මාන දිනා ගන්නා බව පවසා සුළු වේලාවකට පසු එය Moonlight ලෙස නිවැරදි කරන ලදී.

මෙම සිදුවීම සැලකෙන්නේ, වසර 89ක ඉතිහාසයක් ඇති ඇකඩමි සම්මාන උළෙලේ ඉතිහාසයේ වාර්තා වූ විශාලත ම වරද ලෙසිනි.

ඇකඩමි සම්මාන උලෙළේ සභාපති ෂෙරොල් බීන් අයිසක් සඳහන් කළේ, එම අතපසුවීමට වරදකරුවන් වූ ගණකාධිකාරීවරයා සහ ගණකාධිකාරීවරිය සේවයෙන් නෙරපන බව ය.

ඒ අනුව එලෙස සේවය අහමි වූයේ, බ්‍රයන් කලිනන් සහ මාර්තා රුයිස් යන ගණකාධිකාරීවරයාට සහ ගණකාධිකාරීවරියට ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.