Header Ads

පොලීසියට අපි කියන්නේ ෆුල් ෆේස් හෙල්මට් ලියන්න ලෑස්ති වෙන්න එපා – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය.


මුහුණ සම්පූර්ණයෙන් ආවරණයවන යතුරු පැදි හිස් වැසුම් භාවිතයට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව පිරිසක් අද කොළඹදී විරෝධතාවක නිරත විය.

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මෙම විරෝධතාව ආරම්භ කළේ ගාලු මුවදොර පිටියෙනි.

යතුරු පැදි ධාවකයන් හිස්වැසුම් පැළඳීමේදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නව ගැසට් නිවේදනයක් පසුගිය 23 වැනිදා රාත්‍රි නිකුත් කෙරුණේ, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුක්තවයි.

මේ අනූව යතුරු පැදියක ගමන් කරන සෑම අයෙකුම සැම විටකම ආරක්ෂක හිස් වැසුම් පැළඳිය යුතු වේ.

එය පැළඳීමේදී සුරක්ෂිත බව උදෙසා නිකට හරහා පටියකින් තදවිය යුතු අතර හිස්වැසුමේ තිබිය යුත්තේ අඳුරු කර හෝ
වර්ණ ගන්වා නොමැති මුහුණු ආවරණයක් පමණි.

හිස්වැසුමේ කිසිඳු කොටසකින් මුහුණේ කිසිඳු කොටසක් අපැහැදිලි වීමක්, සැඟවීමක් හෝ විකෘති වීමක් සිදු නොවිය යුතු බව ත්, හිස්වැසුම සියයට 90ක්ම තනි වර්ණයකින් තිබිය යුතු බවත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ව තිබුණි.

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා

නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී පොරොන්දු වුනා ෆුල් ‍ෆේස් භාවිතා කරන්න ඉඩ දෙනවයි කියලා.නමුත් දැන් කොහෙන්දෝ මේ සීයට 90කුයි මොකක්ද මේ කොහේවත් නැති බාල එස්.එල්.එස් සහතිකයකුයි කිසිම පරීක්ෂණ කරන්නවත් බඩු නැති එස්.එල්.එස් එකකුයි ගෙනල්ලා මේ සමස්තයක් යතුරු පැදිකරුවාව අමාරුවේ දාන්න හදනවා.මේකෙන් කරන්නේ ෆුල් ෆේස් මර්දනයක්. අපේ සංගමය මේවා ගැන නොදැන නෙමෙයි පොලීසියට අපි කියන්නේ ෆුල් ෆේස් හෙල්මට් ලියන්න ලෑස්ති වෙන්න එපා.

මෙහිදී පෙත්සමකට අත්සන් තැබූ පිරිස පසුව පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණියේය.

මෙහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට අවස්ථාව ලබා දුන්නේය.

එහිදී ජනාධිපති සහකාර ලේකම් චතුර ලියනගුණවර්ධන මහතා සඳහන් කර තිබුණේ ලබන බදදා වන විට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බව ය.

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා

මෙන්න විරෝධය අපි ප්‍රකාශ කරනවා. මේ විදිහට තමයි මේවා ගේන මිනිස්සුන්ටත් සිද්ධ වෙන්නේ. මේවට අපි එකඟ නෑ එකඟ නෑ එකඟ නෑ.මෙන්න ගිනි ගන්නවා. ජයවේවා. බදාදා දින වෙනවිට මේ ගැසට් නිවේදනය ගැන නිසි පිළිතුරක් අපිට සාකච්ඡාවක් අරන් දුන්නේ නැත්තම් අපි දීප ව්‍යාප්ත දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත් අපි යනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.