Header Ads

බන්ධනාගාරවලට පාතාල අධිකරණ


දරුණු ගණයේ අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා බන්ධනාගාර තුළ අධිකරණ ඒකක  පිහිටුවීමට යෝජනා වී තිබෙනවා.

පසුගියදා කළුතර බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත පාතාල නායකයෙකු වන සමයං ඇතුලූ පිරිසක් රැගෙන යද්දී එල්ලවූ ප්‍රහාරය සහ ගල්කිස්ස අධිකරණ භූමියෙන් ගිනි අවි හමුවීමේ සිද්ධිය පිළිබඳව සැළකිල්ලට ගෙනයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

බන්ධනාගාර සහ අධිකරණ ක්‍ෂේත්‍රයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

එහිදී බන්ධනාගාර නිලධාරින්ට පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණුව ලබාදීම ඇතුලූ යෝජනා ගණනාවක් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී දරුණු ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරවලින් පිටතට රැගෙන යාමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු පියවරක් ලෙසයි පාතාල නඩු විභාග කිරීමේ විශේෂ අධිකරණ ඒකක පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවී ඇත්තේ.

මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව සහ  බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතර තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත බව සඳහන්.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.