Header Ads

'ගේ සීන්' එක ඩිස්නි සිත්තමට කොස්සක් වෙයි


ඩිස්නි සමාගමේ අළුත්ම චිත්‍රපටය වන ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ චිත්‍රපටය මැලේසියාවේ එළිදැක්වීම ප්‍රමාද කර ඇති බව වාර්තා වේ.

මෙයට හේතු වී ඇත්තේ සමලිංගික අදහස් ඇතුළත් කුඩා ජවනිකාවක් හේතුවෙනි.

මෙම චිත්‍රපටය මැලේසියාව තුළ තිරගත වීමට නියමිතව තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දින සිටයි. කෙසේ වෙතත්, මැලේසියානු රැඟුම් පාලක මණ්ඩලය පවසා තිබුණේ මෙම චිත්‍රපටය තිරගත කිරීමට අවසර දුන් නමුත්, සමලිංගික අදහස් ඇතුළත් කුඩා ජවනිකාවේ සංස්කරණයක් සිදුකළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඩිස්නි සමාගම පවසා තිබුණේ චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව යළි විමර්ශනය කරනු ලබන බවයි.

කෙසේ වෙතත්, චිත්‍රපටය තිරගතවීම ආරම්භ කිරීමට නියමිත දිනයක් තවමත් නිවේදනය කර නොමැත.

සමලිංගිකත්වය මැලේසියාව තුළ තහනම් නමුත්, මෙම චිත්‍රපටය තහනම් කිරීම පිළිබඳව එරට සංචාරක අමාත්‍යවරයා ඇතුළු රටවැසියන් බලවත් විරෝධය පළ කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.