Header Ads

විමල්ගෙ උපවාසයට ඒකාබද්ධය මගහරියි – රෝහල්ගත කරන අවස්තාවටත් කිසිවෙක් නෑ.


දින හතරක් උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අද උදෑසන බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණ. මෙම අවස්ථාවේ බන්ධනාගාරය අසලදී වීරවංශ මහතා වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක්  කිරීමට බෙංගමුවේ නාලක හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය එක්ව සිටියහ.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර,  පත්ම උදයශාන්ත ඇතුළු සියයකට අඩු පිරිසක් සම්බන්ධවී සිටි නමුත් ජනිපෙ මන්ත්‍රිවරුන් තිදෙනෙකු හැර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් කිසිවෙකුත් සහභාගී නොවීම කැපීපෙනුණි. ඒ සම්බන්ධයෙන් පැමිණසිටි පිරිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට මෙන්ම දිනේෂ් ගුණවර්ධන , වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල හටද දැඩි ලෙස දෝෂාරෝපනය කරනලදි.

විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙන් විමල් වීරවංශට ඇප ලබාගැනීම සඳහා බරපතල මැදිහත්වීමක් සිදු නොවීමත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ මැදිහත්වීම ඉතා සීමිත වීමත් හේතුවෙන් ජනිපෙ සාමාජිකයින් හා වීරවංශ හිතවාදීන් දැඩි කලකිරීමකට පත්ව ඇති බවද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වන ප්‍රකාශ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ වනවිට පැතිර යන බව පෙනී යයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.