Header Ads

වසරේ ක්‍රීඩකයාට හිමිවන පොලි උම්රිගර් සම්මානය මෙවරත් කෝලිට


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිරිනමනු ලබන වසරේ ක්‍රීඩකයාට හිමිවන පොලි උම්රිගර් සම්මානය සඳහා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිර්දේශ වී තිබේ.

ඒ ඔහු මෙම සම්මානය සඳහා නිර්දේශ වූ තෙවන අවස්ථාව මෙය වේ.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි 2011 – 2012 සහ 2013 -2014 පොලි උම්රිගර් සම්මානයෙන් පිදුම් ලැබී ය.

ජාත්‍යන්තර ටෙස්ට් තරගයන්හි අංක එකේ දඟ පන්දු යවන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මෙම සම්මාන උළලේ දිලිප් සර්දේසායි සම්මානය නිර්දේශ වී සිටි අතර ඒ ඔහු එම සම්මානය සඳහා නිර්දේශ වු දෙවන අවස්ථාව මෙය වේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන මෙම වාර්ෂික සම්මාන උළෙල මාර්තු 8 වන දා බැංගලෝර්හීදී පැවැත්වීමට නියමිත ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.