Header Ads

සමයං ඝාතනය: සැකකරුවන් පැමිණි වෑන් රථය පැහැර ගත්තේ කවුදැයි පරීක්ෂණ.


කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සැකකරුවන් පළා ගිය වෑන් රථය එම සිද්ධියට පෙර පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථය මරදාන ප්‍රදේශයේ නවතා තිබියදී පසුගිය දා පැහැරගෙන ගොස් තිබුණු එකක් බව ය.

එම පැහැරගත් වෑන් රථයෙන් බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණ තිබේ.

වෙඩි තැබීමෙන් පසුව සැකකරුවන් එම වෑන් රථය මොරගහහේන ප්‍රදේශයේ දමා ගොස් තිබූ අතර පැහැරගත් පුද්ගලයින්ගෙන් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් වෑන් රථය ලබා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය දා කළුතර සිදු වූ එම වෙඩි තැබීමෙන් පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඒ, අතර බන්ධානාගාර නිලධාරීන් 2දෙනෙක් ද වූහ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.