Header Ads

කෙල්ලො අතඇරලා ඇන්ටිලා හොයන – ගම්පහ කොල්ලෝ වෙනුවෙන් ඇන්ටිලා ගොඩක් මහපාරේ!!!!


පසුගිය කාලය පුරාම දිවයින පුරාම විවිධ පළාත්වලින් වාර්තා වූ තොරතුරු අතර ප්‍රමුඛත්වයක්‌ හිමිව තිබුණේ පාසල් වියෙහි පසුවන්නන් එසේත් නැත්නම් ගැටවර වියෙහි පසුවන පාසල් හැර ගිය පිරිස විවිධාකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් පිළිබඳවය. ඉතා දිගු කාලයක පටන්ම මේ පිළිබඳව තොරතුරු වාර්තා වීම, පොලිස්‌ වැටලීම් සිදුවුණද ඉතා සංවිධානාත්මකව නැවත නැවතත් එකී ක්‍රියාවලිය වෙනත් ආකාරයකින් ඉස්‌මතු වීම නොවැළැක්‌විය හැකි ව්‍යසනයක්‌ බවට පත්ව තිබේ. “අලි මදිවාට හරක්‌” කීවා සේ අප පෙර සඳහන් කළ වයස්‌ කාණ්‌ඩයන්හි තරුණයන් ඉලක්‌ක කර ගත් තවත් විනාශකාරී ක්‍රියාවලියක්‌ පිළිබඳව පසුගිය මාසය වනවිට ගම්පහින් වාර්තා වී තිබිණි. 

ඒ ගම්පහ නගර ආශ්‍රිතව සිදු කෙරුණු ලිංගික ශ්‍රමය විකිණීමේ නැතහොත් ගණිකා වෘත්තිය ක්‍රියාවලියයි. බොහෝ විට රටේ නගරාශ්‍රිතව සිදු කෙරෙන ගණිකා ව්‍යාපාරයෙහි එතරම් ‘අරුමයක්‌’ දක්‌නට නැත. අටෝරාශියක්‌ පොලිස්‌ වැටලීම් හමුවේ වුව ඉතා කෙටි කාලයකින් නැවත ඒ වෘත්තිය ඒ ආකාරයටම ආරම්භ වීම එහි ස්‌වභාවයයි. මෙය වැළැක්‌විය නොහැකි කාරණයක්‌ බවට පත්ව ඇත්තේ ශරීර මිලදී ගැනීමට විශාල ‘ගැනුම්කරුවන්’ පිරිසක්‌ නිරන්තරයෙන් පෙළ ගැසී සිටීමය. එහෙත් ගම්පහ නගරය කේන්ද්‍ර කරගත් මේ ‘ව්‍යාපාරයේ’ ස්‌වභාවය තරමක්‌ වෙනස්‌ ය.

බොහෝ විට ගණිකා ව්‍යාපාරයේ ස්‌වභාවය අනුව ඒ සඳහා ඇදී එන ඉලක්‌කගත ගැනුම්කරුවන් පිරිසක්‌ නැත. ඊට විවිධ තරාතිම්වල විවිධ වයස්‌ කාණ්‌ඩයන් හි පිරිස්‌ අයත් වෙති. එහෙත් ගම්පහ ලිංගික ශ්‍රමය විකිණීමේ ක්‍රියාවලිය ‘ඉලක්‌කගත’ පිරිසක්‌ වෙනුවෙන් දියත් වේ. ඒ ගම්පහ නගරයට ඇදී එන පාසල් වියෙහි පසුවන තරුණයන් ය.

ගම්පහ නගරය ‘ටියුෂන්’ සමඟ බැඳී පවතින නගරයකි. සති අන්තය වනවිට ගම්පහ නගරය අතිශය ජනාකීර්ණ වන්නේ මේ ටියුෂන් හේතුවෙනි. මේ පැමිණෙන තරුණ පිරිස තමන්ගේ ගම නොවන ප්‍රදේශයක හුදකලා චරිත බවට පත්වීම වැළැක්‌විය නොහැක්‌කකි. මේ බොහෝ පිරිස්‌ ගම්පහ නගරයට ඇදී එන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශවල සිටය. ඇතැමෙකු එසේ පැමිණ අදාළ ටියුෂන් පන්ති සඳහා සහභාගි වීමට සති අන්තය ගම්පහ නගරය ආශ්‍රිතව නවාතැනක්‌ සොයා ගනී. එය තම ඥති නිවසක්‌, හිත මිත්‍රයකුගේ නිවසක්‌ විය හැකිය. මෙසේ නතර වන තරුණයන් පිළිබඳව ඇතක වෙසෙන මවුපියන් දැනුම්වත් වන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ විට ඒ අය අදාළ නිවසෙහි නතර නොවන අවස්‌ථා ද බහුල විය හැකිය. එවැනි පිරිස්‌ මේ ගණිකා ව්‍යාපාරයෙහි ඉලක්‌කගත පිරිස අතර ප්‍රධානය.

මේ තරුණ සිසුන් ගණිකාවන්ගේ ඇසුර සඳහා පොළඹවා ගැනීම එතරම් අසීරු කරුණක්‌ නොවේ.

ටියුෂන් එන කොල්ලෝ ඕන තරම් ‘බඩු’ හොයාගෙන යනවා. ඉස්‌සර එහෙම තත්ත්වයක්‌ තිබුණේ නැතත් දැන් ඒ වගේ පැත්තක්‌ හැදිලා තියෙනවා.

අප මුණ ගැසුණු එක්‌ ත්‍රිරෝද රථ හිමියකු කීවේ එවැන්නකි. ඔහු ‘බඩු’ ලෙස හැඳින්වූයේ ලිංගික ශ්‍රමය විකුණන කාන්තාවන්ය. ඔහුගේ මාර්ගයෙන් ම එවැනි සිසුන් හා ඒ ව්‍යාපාරයේ යෙදෙන්නන් අතර ‘සම්බන්ධීකරණය’ සිදු කරන ‘පුද්ගලයකු’ මුණගැසීමට අපට හැකිවිණි.

කොල්ලෙක්‌ බා ගත්තාම වැඩේ ලේසියි. උන් මේ වැඩේට සීසන් මිනිස්‌සු නෙවෙයිනේ. ඒ නිසා බෝරින් වෙන්නේ නෑ.

ඒ අතරමැදියා අපට එසේ කීවේය. ගම්පහ ආශ්‍රිතව පවත්වාගෙන ගිය මෙවැනි ස්‌ථාන කිහිපයක්‌ වැටලීමට පොලිසිය පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වීම පැසසුම් කටයුතු වුවද එය ඉතා සූක්‍ෂම ආකාරයෙන් නැවතත් ක්‍රියාත්මකව තිබේ. අප පෙර සඳහන් කළ පරිදි මෙකී ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම තවත් බොහෝ අපචාර එකිනෙක බද්ධව තිබේ.

පෙර අප කී අතරමැදියා කීවේ පොලිසිය ඔවුන්ගේ ‘පොට්‌’ ‘රේඩ්’ කිරීම සිදුකළ ද තත්ත්වය මුළුමනින් ම තුරන් කළ නොහැකි බවකි.

පොලිසිය අපේ කෙල්ලෝ අරන් යයි (ඔහු කෙල්ලන් යෑයි හැඳින්වූයේ ලිංගික ශ්‍රමය විකිණීමේ යෙදෙන්නියන් ය.) උසාවි දායි. ඒත් වැඩේ නතර කරන්න අමාරුයි. අපි විතරක්‌ නෙවෙයිනේ මේ වගේ පොට්‌ රන් කරන්නේ. අනික කොල්ලෝ අපේ කෙල්ලන් හොයාගෙන එන තරම ඊට වැඩියි.

මේ තරුණයන් නැතහොත් තවමත් අධ්‍යාපනය පවා හමාර නොකළ සිසුන්ට ලිංගික ශ්‍රමය අලෙවි කරන්නේ “තරුණ ලලනාවන්’ යෑයි ඔබ සිතනවා විය හැකිය. එහෙත් එය එසේ නොවේ. ලාබාළ වියෙහි පසුවන්නියන් සිටින බව සැබෑවක්‌ වුවද ඉන් බහුතරයක්‌ මැදිවියේ පසුවන හෝ ඊට ආසන්න කාන්තාවන් වීම සුලභව දක්‌නට ලැබේ.

මේකයි…. මොන හේතුවක්‌ද මන්දා මේ කොල්ලෝ හොයන්නෙම ඒ වගේ ටිකක්‌ ‘ඇන්ටි’ ටයිප් එකේ ගෑනු. ඉතිං අපි ටිකක්‌ අවුල් වෙන වෙලාවලුත් තියෙනවා. මොකද අපේ පොට්‌වල ඉන්නේ තරුණ කෙල්ලෝ. වැඩි දෙනෙක්‌ ඉල්ලන්නේ උන් නිසා.

එවැනි ප්‍රවණතාවක්‌ ගොඩ නැගෙන්නේ ඇයි දැයි යන්නට පිළිතුරු දුන්නේ ද අපේ අතරමැදි සගයාගේම සහායක අතරමැදියෙකි. ඔහු අපට අර්ධ පමණ විද්‍යාත්මක විවරණයක්‌ කළේ ඔහුගේ දැනුම මට්‌ටමෙනි.

කොල්ලෙක්‌ ආවාම අපේ අක්‌කලා (මැදිවියේ පසුවන ලිංගික ශ්‍රමය විකුණන කාන්තාවන්) ටිකක්‌ සැලෙනවා. පව්නේ පොඩි කොල්ලෙක්‌ කියලා. ඒ හින්දා වෙන්න ඕනෑ ඒ සයිඩ් එකට කොල්ලෝ ගොඩක්‌ යන්නේ.”

ඔහුගේ පිළිතුර ශාස්‌ත්‍රීය කියවීමකට ගොනු කළහොත්, මේ ගණිකා පහස සොයා යන තරුණයන් ලිංගික ආකර්ෂණය සමඟම ඔවුන්ගෙන් දැඩි සෙනෙහසක්‌ බලාපොරොත්තු වන බවද කිව හැකිය. තවමත් මවුපියන් ඇසුරෙහිම හැදී වැඩෙන එවැනි තරුණ පිරිස තරුණියකගෙන් ලැබෙන විසේකාර ලිංගික අත්දැකීමකට වඩා වයසින් වැඩිමහලු ගැහැනියක ඇසුරෙහි ලබන අත්දැකීම ප්‍රියකරනවා විය හැකිය. අපේ අතරමැදි සගයා අපට දුරකථනයෙන්ම එවැන්නියක සම්බන්ධ කර දුන්නේ දැඩි උත්සාහයකින් පසුවය.

සමහර පොඩි කොල්ලෝ කැමැති අපි උන්ට තරවටු කරනවටයි. අපි තදින් යමක්‌ කිව්වොත් කීකරු වෙලා අහගෙන ඉන්නවා. ඉතිං දරදඬු මිනිහෙක්‌ එක්‌ක ඉන්නවට වඩා ඒ වගේ කොල්ලෙක්‌ එක්‌ක ඉන්න එකට අපිත් කැමතියි.

දුරකථනයෙන් සම්බන්ධ වූ නම ගම නොදන්නිය කියාගෙන යයි. 

දවසක්‌ එහෙම ආපු කොල්ලෙක්‌ හිටපු පැය ගණනටම කළේ මම කියපු දේ අහගෙන හිටපු එක විතරයි. ඒක උගේ නොතේරුම්කමට අහිංසකකමට වෙච්ච දෙයක්‌ ද. නැත්නම් මට බය වෙච්ච පාරට වෙච්ච දෙයක්‌ ද කියලා කියන්න මම අදටත් දන්නේ නෑ.

කෙසේ හෝ එක්‌ නවාතැනක්‌ කේන්ද්‍ර කර ගනිමින් එක්‌ පුද්ගලයකු විසින් වැඩි කාන්තාවන් පිරිසක්‌ යොදවා කරන මේ සමාජ හිතකර නොවන ව්‍යාපාරය එක්‌ එක්‌ තැනැත්තියන් විසින් තනිවම කරගෙන යන බව ද දක්‌නට ලැබිණි.

එය ටියුෂන් හඳහා පැමිණෙන සිසුන් ඉලක්‌ක කරගත්, ප්‍රධාන නගර කිහිපයකම දක්‌නට ලැබෙන්නකි. කුරුණෑගල හා නුගේගොඩ ප්‍රදේශවල මෙවැනි මැදි වයසේ කාන්තාවන් දක්‌නට ලැබේ.

නුගේගොඩදී අපට මුණගැසුණු මත්ද්‍රව්‍ය භාවිතයේ ඉතාම අප්‍රසන්න හා බියකරු බව විදහා දක්‌වන මොඩලයකට ගත හැකි තරුණයකු කී කතාව ඉතා වැදගත් පාඩමක්‌ අපට කියා දෙන බව නිසැකය.

මම කොළඹ නොවෙයි. හැබැයි එච්ච්චර දුරකත් නෙවෙයි. මේ බලන්න මම හිටපු, ආගිය තැන් වැඩක්‌ නෑ කියලයි මම හිතන්නේ. මම ඒ ලෙවල්ස්‌ වලට වැඩ හතර තිබ්බ කාලේ ටියුෂන් ආවා. අපි යාළුවෝ සෙට්‌ එකක්‌ හිටියා. මුල් කාලයේ අපි නොවරදවාම ක්‌ලාස්‌ ගියත් පස්‌සෙ පස්‌සෙ අපිට ආතල් ගන්න එක ඉගෙන ගන්නවට වැඩිය වැදගත් වුණා. අපි කළේ ක්‌ලාස්‌ කට්‌ කරලා µsල්ම් බලන්න ගියා. අතන මෙතන රස්‌තියාදු ගැහුවා. අපි හැමෝටම ගෑනු ළමයි හිටියා (පෙම්වතියන්) ඒ අය ගැන කතා කළා. අත්දැකීම් බෙදා ගත්තා. අන්න ඒ වගේ දවසක තමයි කට්‌ටිය කතා වුණේ ගණිකාවක්‌ හොයාගමු කියලා. අලුත්ම අත්දැකීමක්‌ නිසා බොහොම අමාරුවෙන් අපි කට්‌ටිය ඒ වගේ තැනකට සෙට්‌ වුණා. පස්‌සෙ පස්‌සෙ මට මේක අත්හරින්න බැරි පුරුද්දක්‌ වුණා. උන් අපෙන් එච්චර සල්ලි ගත්තෙත් නෑ. එහෙම වෙලාවක හම්බ වෙච්ච ටිකක්‌ වයසක ගෑනියෙක්‌ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කාලකන්නි කළේ. කාටවත් දොස්‌ කියනවා නෙවෙයි. ඒත් මට මේ පුරුද්ද ඇති කළේ එයා. දවසක්‌ ඒ ගෑනි මට කිව්වා මේ වගේ දේවල් කරනවා වගේම මේකත් පොඩ්ඩක්‌ ට්‍රයි කරලා බලන්න කියලා. එදා පළමුවැනි වතාවට ඩ්‍රග්ස්‌ ගත්ත මම අවුරුදු ගණනක්‌ ගිහිල්ලත් ඒ පුරුද්ද අත්හැර ගන්න බැරිව දඟලනවා.

ඔහු දීර්ඝව විස්‌තර කරන්නේ ඔහුට අත් විඳින්නට සිදුව ඇති ෙ€දවාචකය පමණක්‌ ම නොවේ. අප කී පරිදි ප්‍රධාන නගර ආශ්‍රිතව සිසුන් ඉලක්‌ක කර ගනිමින් සිදුවන මේ සමාජ අහිතකර ක්‍රියාවලියේ සමස්‌ත අනාගත ෙ€දවාචකයයි. තරුණයන් අතර සීග්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ පුරුදු පටන් ගන්නේ මෙවැනි තැන්වලින් නොවේ යෑයි කිසිවෙකුටත් කිව හැකිද?

මෙවැනි සමාජ අහිතකර තත්ත්වයන් ලිංගික ශ්‍රමය අලෙවි කරන තැන් හෝ ඒ ක්‍රියාවලියේ නිරත වන්නියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පමණක්‌ නවතාලිය නොහැකි බව අපි විශ්වාස කරමු. ඊට ඉන් එහා ගිය සමාජ දැනුම්වත් කිරීමේ ක්‍රියාදාමයක්‌ ද අවශ්‍ය වන බව සිහිපත් කරමු.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.