Header Ads

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ ප්‍රහාරයක් සිදුව තිබෙනවා.

විදෙස් පුවත් සේවා මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේ කිසියම් පුද්ගලයෙකු විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී පොලිස් නිලධාරියෙකුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. 

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියා කැපුම් තුවාල ලබා ඇති බවත් සඳහන්. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයාට වෙඩි තබා ඇති බවද තවදුරටත් වෙඩි තැබීමේ ශබ්ද කිහිපයක් ඇසුනු බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.