Header Ads

මුහුණුපොතෙන් ඇරඹුණු ප්‍රේමය ඇඳක් උඩ අවසන් ගමන් යැවූ නොහික්මුණු පෙම්වතාගේ පාපොච්චාරණය

අපි දෙන්නා අඳුරගත්තේ ෆේස්බුක් එකෙන්...
ගෙදර යන්න ඕන කියලා මට එයාව ගෙදරට ඇරලවන්න කියලා කිව්වා..

කඩවත, ඇල්දෙණියෙන් කතා කරන්නේ. දැන් සැහෙන වෙලාවක ඉඳලා ගෙදරක දෙන්නෙක් රණ්ඩු වෙනවා. එකපාරමට සද්දේ නැතිව ගියා. ඉක්මනට ඇවිත් බලලා යන්න.”

පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට මේ තොරතුර ලැබුණේ පසුගිය විසිහතර වැනිදා උදේ දහයට ආසන්න වෙද්දීය.

119 අංශය මෙම පණිවිඩය කඩවත පොලිසියට ලබා දුනි.

කඩවත පොලිසියේ 119 අංශයේ යතුරුපැදිය ඒ මොහොතේම ඇල්දෙණිය බලා පිටත් කර යැවීමට ස්ථානාධිපති වරයා කටයුතු කළේය. ඒ සමඟම ස්ථානාධිපති ඇතුලු කණ්ඩායමක් ද ඇල්දෙණිය බලා පිටත් විය.

119 යතුරුපැදිය එම ප්‍රදේශයට යන විට සිද්ධිය වූ බව කී නිවෙස අසල කුතුහලයෙන් පිරි මුහුණු වලින් යුතු කිහිපදෙනෙකු කතා බහේ යෙදෙමින් සිටිනු දක්නට ලැබිණි. 

“මේ ගෙදර තමයි මොනවහරි වුණේ.”

එම පිරිස් අසල පිහිටි නිවෙසක් පොලිස් කණ්ඩායමට පෙන්වීය. නිවෙසට ඇතුලු වූ පොලිස් කණ්ඩායමට සැකකටයුතු කිසිවක් හමුවුයේ නැත. කාමරයට ඇතුලු වෙද්දී දුටුවේ කාන්තාවක ඇඳ මත උඩුබැලි අතට වැටී සිටින අයුරුය. ළඟට කිට්ටු වී බලද්දී ඇය මිය ගොස් ඇති බව නිරීක්ෂණය විය.

නිවෙසේ පැත්තක බියට පත් වූ තරුණයකු සිටී. පොලිසිය ඔහු සිය භාරයට ගත්තේ ඇඳමත වැටී සිටි කාන්තාව ඝාතනය කිරීමේ චෝදනාවටය.

“මට වයස අවුරුදු තිස් එකයි. එයාට හතලිස් අටයි. අපි දෙන්නා අඳුන ගත්තේ ෆේස්බුක් එකෙන්. අපි මීට මාස තුනකට කලින් කසාද බැන්දා. බැඳලා මේ ගේ කුලියට අරගෙන පදිංචි වුණා.”

“මෙයාට ගෙදර යන්න ඕන කියලා මට එයාව ගෙදරට ඇරලවන්න කියලා කිව්වා. මම එකට විරුද්ධ වුණා. මම එයා ගෙදර යවන්න කැමති වුණේ නෑ. එකට අපි දෙන්නා අතරේ ආරවුලක් ඇති වුණා. ආරවුලේදී තමයි මේ දේ සිද්ධ වුණේ.”

අත්අඩංගුවට පත් සැකකරු පොලිස් ප්‍රශ්න කිිරිම් හමුවේ එලෙස ප්‍රකාශ කර සිටියේය.

මෙලෙස ඝාතනය වුයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාරියක වූ සුසන්ති ප්‍රියදර්ශනී නැමැති හතලිස් අට හැවිරිදි දෙදරු මවකි. 

ඇය මරා දැම්මේ චෝදනාවට අත් අඩංගුවට පත් වුයේ කඩවත, කිරිමැටියාගාර ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි විවාහකයෙකි.

ප්‍රියදර්ශනීට දියණියන් දෙදෙනකු සිටින්නේ පළමු විවාහයෙනි. 

ඒ දෙදෙනාම විවාහ වී මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටී. එබැවින් ඇයට පවුල් බරක් නැත. ඇය විදෙස් ගතව රැකියාවක නිරත වූ අතර ගත කළේ තනිකඩ සැහැල්ලු ජීවිතයකි.

මුදල් අතින් මෙන්ම ඇයට නිදහසෙන් ද අඩුවක් තිබුණේ නැත. ඇය.... මේ තරුණයා දැන හඳුනාගත්තේ ෆේස් බුක් මිතුරකු ලෙසය.
කල් ගතවෙද්දී දෙදෙනාගේ හිතවත් තම ප්‍රේම සම්බන්ධයකට පෙරළෙන අතර ඇය.... විදෙස් රැකියාවට සමු දී මෙරටට එන්නේ පසුගිය නොවැම්බර් මාසයේදීය.

එලෙස පැමිණි වහාම ඇය පෙම්වතා සමඟ විවාහ වන අතර මොවුන් ඇල්දෙණියේ නිවෙසක් කුලියට ගෙන පදිංචියට යන්නේ මීට මසකට පමණ ඉහත දීය.

මේ දෙදෙනා නීතියෙන් විවාහ වූ බව කියයි. මොවුන් පදිංචිව සිටි නිවෙසේ තිබී මේ දෙදෙනාගේ විවාහ සහතිකය ඇතුලු ලියකියවිලි පොලිසියට හමුවිය.

එහෙත්... පොලිසියට සැකයක් ඇත. ඒ.... මේ දෙදෙනා විවාහ වුයේ පෙර විවාහ වලින් දික්කසාද විමෙන් අනතුරුව ද යන්නයි.

ඒවා කෙසේ වෙතත් දැන් ඇය මරා දමා ඇත. ඒ... ඇයගේ ලාබාල පෙම්වත් සැමියා විසිනි. ඔහු....

පොලිසියට වැඩි තොරතුරක් පවසන්නේ ද නැත.

සිද්ධිය වූ දින උදේ නමයට පමණ මේ දෙදෙනා අතර ගෝරිය ආරම්භ වූ බව අසල්වාසීහු පවසති. 

ඇය.... කෑ ගසමින් රණ්ඩු වූ බවද කියයි. ඒ කුමක් මුල්කරගෙන ද යන වග අසල්වාසියන්ට පැහැදිලි නැත.

එහෙත්.... ඇය මරා දැමු ඇයගේ සැමියා පවසන්නේ ඇයට මට්ටකුලියේ මව සිටින නිවෙසට යාමට අවශ්‍ය වුව ද ඇය එලෙස යනවාට තමා අකැමති වූ බැවින් දෙදෙනා අතර ගෝරියක් ඇති වූ බවයි.

එහි සත්‍ය අසත්‍ය දන්නේ මේ දෙදෙනාම පමණි. ඔහු පොලිසියට පවසන්නේ ඒ සිද්ධියම පමණි.

එය එසේ නම් ඔහු ..... ඇය මරා දමා ඇත්තේ පුංචිම පුංචි දෙයකටය. 

එහෙත්.... ඒ සඳහා ඉදිරියේ දී ඔහුට විඳින්නට වන දඬුවම නම් ලෙහෙසි පහසු නොවනු ඇත.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.