Header Ads

රැජිනි කාන්ත්ගේ යාපන ගමනටත් තමිල්නාඩඩුවෙන් කොක්ක



තමිල්නාඩු සිනමාවේ   ප්‍රවීන නළු රැජිනි කාන්ත්  අප්‍රේල් 9 වැනි දා යාපනයේ සංචාරය ක නිතර වීමට සූදානමින් සිටියද   තමිල්නාඩුවේ හා ශ්‍රීලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය  නිසා  එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.

උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් සදහා ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ‍, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බව රැජිනි කාන්ත්ගේ නිවේදනයේ සඳහන් වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.