Header Ads

විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්ත්වයක්


විශ්‍රාමික මිය ගිය සහ ආබාධිත පොලිස් හා හමුදා නිලධාරීන්ට මෙන් ම ඔවුන්ගෙන් යැපෙන්නන්ට ලැබෙන දීමනා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ය.

මෙම විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණියේ සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් අපේක්ෂාවෙනි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා සඳහන් කළේ, කොන්දේසිවලට එකඟව අදාළ දීමනා අඩු කිරීම් තාවකාලිකව අත්හිටුවීමට එකඟ වූ බවයි.

කෙසේ වෙතත් ජීවන වියදම් දීමනාව අඩු කිරීම එලෙස ම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

සාකච්ඡාවලින් පසු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.