Header Ads

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡා ඇරඹේ.


රුසියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට නායකයින් සමග සාකච්ඡා ආරම්භ කළේ ය.

ජනපති සංචාරයේ අද වැඩ කටයුතු ඇරඹුණේ, මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ පිහිටි නාදුනන සෙබලාගේ ස්මාරකට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ය.

රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස පිළිගැනීමට හමුදා උත්තමාචාරයක් සංවිධාන කර තිබිණි.

ජනාධිපති ආර්යාව ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ජා පැයකට වැඩි කාලයක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.