Header Ads

දික්කසාදවන අඹුසැමියන්ට මුදල් ආපසු ලබා දෙන හෝටල් ජාලයක්


සිය සංචාරක නිකේතන තුළ ලැගුම් ගෙන වසරක් තුළ දික්කසාදවන අඹුසැමියන් වේනම් ඔවුන් විසින් වැය කරන ලද මුදල් ආපසු ලබා දෙන හෝටල් ජාලයක් පිළිබඳ ස්වීඩනයෙන් වාර්තා වනවා.

අඹුසැමියන්ට එක්ව කාලය ගත කිරීමට මෙන්ම පළුදු වූ සබඳතා යළි වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාවක් සැලසීමේ අරමුණින් ‘The Countryside Hotels’ ජාලය එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ස්වීඩනයේ ‘NWT’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

සිය නිකේතනයක කෙටි දිනක් විවේක ගන්නා අඹුසැමියන් සඳහා ‘වගකීම් සහතිකයක්’ ලබා දෙන බව හෝටල් ජාලය පවසනවා.
ඉන් අනතුරුවත්, අඹුසැමි ගැටලු නිරාකරණය නොවී වසරක් තුළ දික්කසාද වන්නේ නම් සිය නිකේතනයක දින දෙකක් ගත කිරීම සඳහා වැය කරන ලද මුදල ආපසු ලබා දෙන බව හෝටල් ජාලය වැඩිදුරටත් පවසනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.