Header Ads

සැමියගේ අනියම් ප්‍රේමය නිසා අපා දුක් විඳින සන්ධ්‍යාගේ අනුවේදණීය කතාව.


ඇය නමින් සන්ධ්‍යාය. යාන්තම් වයස අවුරුදු 19 වනවාත් සමගම නැවුම් ප්‍රේමයක පැටලුනේ විමල් සමගය. විමල් හා ආදරයෙන් වෙලුනු සන්ධ්‍යා කිසිසේත්ම  විමල් නිසා බන්ධනාගාරයේ කුඩුවේ සිටින්නට තමාට සිදුවේ යැයි සිහිනයෙන්වත් සිතුවේ නැත.

ආදරය ක්‍රමයෙන් මෝරා දළුලා වැඩේද්දී දෙදෙනාම තීරණය කලේ දෙමව්පියන්ට හොරරහසේ විවාහ වීමටයි. ඒ අනුව නීත්‍යානුකූලව විවාහ ජීවිතයක් ආරම්භ කළේ නැවුම් බලාපොරොත්තු පොදි බඳීමිනි.

ඒ නිවසේ ආදරය, සතුට,සෙනෙහස දොරේ ගලන්නට විය. ඒ පුංචි කුරුළු කුඩුවට තව තවත් සතුට ගලා ආවේ නොබෝ දිනකින්ම පුංචි පුතෙක් ඒ කුඩුවට එකතු වූ නිසාවෙනි. කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී දියණියක්ද උපන් අතර විමල්ගේ හැසිරීමේ වෙනසක් සන්ධ්‍යා නිරීක්ෂණය කළාය.

මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී විමල් සන්ධ්‍යාට අමානුශික ලෙස පහර දෙන්නට විය. සරත්ගේ ආදරය වෙනත් විවාහක කාන්තාවක් වෙත ඇදීගොස් හමාරය. මෙම අනියම් ඇසුර නවත්වන්නට සන්ධ්‍යාට හැකිවූයේ නැත. මේ අතර සන්ධ්‍යාගේ කුසේ   තවත් දරුවකු ගැබ්ගත්තේ මේ කලබැගෑනි අතරතුරයි.

විමල් ඔහුගේ අනියම් ඇසුර නැවත්වුයේ නැත. දෙදෙනා අතර ආරවුල් නතරවුයේද නැත. මේ අතර විමල් තම නිවසට පැමිණීම ප්‍රතික්ෂේප කර අනියම් බිරිඳගේ නිවසේම නතර විය. අනියම් බිරිඳගේ ස්වාමිපුරුෂයාද  ඇය අතහැරගොස් ඇත. ඇයටද කුඩා දියණියන් දෙදෙනෙකු සිටී.

සන්ධ්‍යා මේ තත්ත්වය ප්‍රකාශ කරමින් එක් දිනක තම ස්වමිපුරුෂයාට සහ ඔහුගේ අනියම් බිරිඳට එරෙහිව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළාය. සියලු පාර්ශවයන් කැඳවා විමර්ශනයක් කළ පොලීසිය විමල්ට අවවාද කළේ සන්ධ්‍යා සමග නැවත නිවසට ගොස් දරුවන් සමග ජීවත්වන ලෙසයි.

එයට විමල්ගේ සහ ඔහුගේ අනියම් බිරිඳගේ කිසිදු එකඟතාවයක් නොවීය. සන්ධ්‍යා කෝපයෙන් මේ තත්ත්වය සිතේ තබාගෙන නිවසට ආවේ හිස් අතිනි. පොලිසියට  ගතහැකි නීතිමය පියවරක් නැත. එයට හේතුව නම් වයස අවුරුදු 18 ක් සම්පුර්ණ පිරිමි සහ ගැහැණු අය අනාචාරයේ යෙදීම අපරාධමය  වරදක් නොවන අතර එය දික්කසාදයක් ලබාගැනීමට පසුබිම්වන සිවිල් වරදක් පමණක් වන නිසාවෙනි.

සන්ධ්‍යා තම ස්වාමිපුරුෂයාට එරෙහිව දරුවන්ට සහ ඇයට නඩත්තු ඉල්ලා පොලිස් උසාවියේ නඩුවක් පවරුවාය. එම නඩුවේ විමල්ට අධිකරණයට පැමිණීමට නොතිසි නිකුත් කළේය.

මේ වන විට සන්ධ්‍යා දැඩි ආර්ථික දුෂ්කරතා වලට මුහුණපාමින් දරුවන් තිදෙනා නඩත්තු කරගැනීමේ ජීවන අරගලය තුල සිරවිය. එක් දිනක උදෑසන සිය ස්වාමි පුරුෂයා සහ ඔහුගේ අනියම් බිරිඳ ජේත්තුවට හැඳපැළඳ අසල පාරේ ගමනක් යන බවට තොරතුරක් සන්ධ්‍යාට ලැබුණි. සන්ධ්‍යාගේ කෝපය ඉහවහා ගියේය. ඇය නිවසේ රබර් රොටි සකස් කිරිමට ගන්නා ඇසිඩ් බෝතලය ගෙන කෝප්පයකට දමාගෙන වේගයෙන් පාරට දිව්වාය. සන්ධ්‍යා තම ස්වාමිපුරුෂයාගේ අනියම් බිරිඳගේ පසුපසින් දිවගොස් ඇයව ඇසිඩ් කෝප්පයෙන් නෑවීය. අනියම් බිරිඳගේ මුහුණ පපුව පෙදෙස ඇසිඩ්වලින් ගිනියම් වී පිච්චි ගිය අතර ඇය සිහිසුන්ව බිම ඇදවැටුණි. වහා ක්‍රියාත්මක වූ විමල් ඇය ත්‍රීරෝද රථයකින් රෝහල්ගත කරනලදී. ඒ රෝහලෙන් කොළඹ මහරෝහල වෙත මාරුකළ විමල්ගේ අනියම් බිරිඳ පොලිසියටද ප්‍රකාශයක් ලබාදී  පසුදින මිය ගියාය.

සන්ධ්‍යා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ දක්වා වැලිකඩ බන්ධනාගාරයේ පසුවේ. මාසදහයක පමණ කුඩා දරුවා ඇතුළු අනෙක් දරුවන් දෙදෙනා විමල්ගේ භාරයට ගත්තද විමල් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගතවුයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් ළඟ තබාගැනීමේ බරපතල අපරාධයක් කිරීමේ චෝදනාව මතයි.

විමල්ගේ ගිනිඅවිය කුමකටද? ඒ සබන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වයි. එය ඇතැම්විට සන්ධ්‍යායට එරෙහිව පත්තුවීමට ඉඩ  තිබුණිද? දැන් සන්ධ්‍යා සහ විමල් යන දෙදෙනාම බන්ධනාගාරයේය. සන්ධ්‍යාගේ  දරුවන් වයසට ගිය විමල්ගේ මවගේ භාරයේය. ඒ දරුවන්ගේ රැකවරණය සහ නඩත්තුව කිරීමට ඇයට වාරු නැත.  විමල්ගේ මියගිය අනියම් බිරිඳගේ දරුවන්  ඇයගේ වයසට ගිය මව භාරයේය.

සන්ධ්‍යා අධිකරණයෙන් එක් ඉල්ලීමක් කළාය. එනම් ඇයගේ මාස දහයක් වයස දරුවා බන්ධනාගාරය තුල ඇයගේ භාරයට පත්කරන ලෙසයි. කාන්තා විනිසුරුවරිය ඵ් සම්බන්ධයෙන් වන තීන්දුව කල්තැබුවාය. වරදක් කර නොමැති කිරිදරුවෙක් බන්ධනාගාර ගතකරන්නේ කෙසේද යන මානුෂික සහ නීතිමය ප්‍රශ්ණය සියුම්ව තීරණය කළයුතු බැවිණි.
මෙම මිණීමැරුමට සන්ධ්‍යා වරදකරු වුවහොත් නීතියෙන් නියමවන දඬුවම මරණීය දන්ඩණයයි. මරණීය දන්ඩණයට දැනට ජනාධිපතිවරයා අත්සන් නොකරන නිසා එය ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගතවන දඬුවමක් බවට පත්වේ. තම ස්වාමි පුරුෂයාගේ කෙටිකාලීන සතුට සහ සන්ධ්‍යාගේ ක්ෂණික තීරණය නිසා හයහතර නොතේරෙන දෙමව්පියන්ගේ රැකවරණය අහිමි දරුවන් පස් දෙනෙකුගේ අනාගතය කෙබඳු වේද?

මේ තුලින් අප උකහාගත යුත්තේ සම්මතයට එරෙහි වන ජීවිත කිසිදා සතුටින් සහ සාමයෙන් අවසන් නොවන බවත් , ඒ තුල අහිංසක ජීවිතද විනාශය කරා ගමන කරන බවයි.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.