Header Ads

ජාත්‍යන්තර පාසලකට ගිය පෙම්වතියව හැව්ලොක්ටවුමෙදි උස්සපු කෝටිපති පුතාට රූම් එකෙන් ආපු සද්දෙ නිසා වැඩ වරදී


කොළඹ හැව්ලොක්‌ පාරේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන 20 හැවිරිදි නීති සිසුවියක බලහත්කාරයෙන් වාහනයක දමාගෙන පැහැරගෙන ගොස්‌ තලාහේන හෝටල් කාමරයකදී පහරදුන් කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු පෙරේදා (8 දා) අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසනවා.

සැකකාර 22 හැවිරිදි තරුණයා මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බවත් පසුව එම සිසුවිය ඒ සම්බන්ධය නතර කර තිබී ඇති බවත් හෙළිව තිබෙනවා.

මෙම සිසුවිය පෙරේදා අධ්‍යාපනික කටයුතු නිමාකර එම අධ්‍යාපන ආයතනය අසල රැඳී සිට ඇත්තේ නිවසින් ඇයව රැගෙන යාමට එන වාහනය පැමිණෙන තුරුය. 

එසේ සිටියදී සැකකාර තරුණයා වාහනයකින් පැමිණ බැසවිත් ඇයට පහරදී බලහත්කාරයෙන් වාහනයකට නංවාගෙන තලාහේන හෝටලයකට රැගෙන ගොස්‌ තිබේ. 

එහිදී සැකකරු එම හෝටල් කාමරයකදී සිසුවියට පහරදී ඇත. ඇයගේ කෑගැසීම ඇසුණු හෝටලයේ කළමනාකරු සිය සේවකයන් සමඟ පැමිණ හෝටල් කාමරයේ දොර කඩා ඇයව බේරාගෙන රෝහල් ගත කර තිබේ.

සැකකාර තරුණයාව අල්ලාගත් එම සේවක පිරිස ඔහුව පොලිසියට භාරදී ඇත. පහරකෑමට ලක්‌වූ සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පහරකෑමට ලක්‌වූ සිසුවියගේ පියාද කෝටිපති ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.