Header Ads

කුලී පදනම මත ගුවන් යානා ලබාදුන් එංගලන්ත සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව නඩු මගට බසී.


කුලී පදනම මත A 330 – 200 වර්ගයේ ගුවන් යානා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දුන් එංගලන්ත සමාගම විසින් ලන්ඩන් නුවර මහාධිකරණයේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරනු ඇත්තේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදාළ එංගලන්ත සමාගම සමග ඇති කරගත් ගිවිසුමට නෛතික බැඳීමක් නොමැති බව පවසා ගුවන් යානා ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට උත්සාහ දැරීම මීට හේතු වූ බව ය.

S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් නැමති මෙම සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ කොන්ත්‍රාත්තුවට බැඳී සිටින බවත්, අදාළ කුලී සහ අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගම, එංගලන්ත සමාගමට ලබා දිය යුතු බවට මෙම අධිකරණ කටයුතු හරහා බලාපොරොත්තුවේ.

එම ගුවන් යානා ගෙන්වීමට අදාළ ගිවිසුම 2017 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුළ කල් පිරී ඇති අතර, සන්ඩේ ටයිම්ස් වාර්තා උපුටා දක්වූවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්ත මහතා මෙම කොන්ත්‍රාත්තුවේ කාල සීමාව දිගු කොට ඇති බව ය.

පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම සාර්ථක වුවහොත් පමණක්, මෙම කොන්ත්‍රත්ත්‍රව දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබූ පසුබිමක ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සිදු කළ බව පුවත් පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සමාඟම සමග ඇති කොටගත් ගිවිසුම ආසාර්ථක වූ පසු S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් සමාගම වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා ඇත්තේ මෙම කාලය දිගු කිරීම් නොසලකා අදාළ ගුවන් යානා නැවතත්, අදාළ සමාගම වෙත ලබා දෙන බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ ලිපිය ප්‍රතික්ෂේප කරන බවත්, එහි සඳහන් කරණු ක්‍රියාත්මක කළහොත් එය කොන්ත්‍රාත්තුව කඩ කිරීමක් බවත්, එම ආයතනය පවසා ඇතැයි පුවත් පත් වාර්තාවේ සඳහන්වේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.