Header Ads

දඹදිව වන්දනාවේ නිරත වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මරුට


දඹදිව වන්දනාවේ නිරත වූ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු දිවයිනට රැගෙනවිත් තිබේ.

පසුගිය 12 වැනිදා මෙරටින් පිටත් වූ වන්දනා නඩයක සිටි ඔවුන් මියගොස් ඇත්තේ අධික සීතල හේතුවෙනි.

මින් එක් අයෙකුගේ මළ සිරුර පසුගිය 23 වැනිදා දිවයිනට රැගෙනවිත් ඇති අතර, සෙසු මළ සිරුරු දෙක අද අලුයම දිවයිනට රැගෙන ආවේය.

ඔවුන් කුරුණෑගල සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, මොවුන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ අද සිදු කිරීමට නියමිත බව ය.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.