Header Ads

“රටේ කිසිම රණවිරුවෙක් විත්තිකාරයෙක් කරන්න මම ලෑස්තිත් නෑ” – ජනපති

කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) කුරුණෑගල පැවති උත්සවයකදී අවධාරණය කළේ ය.

"මම දැක්කා අපේ නාවික හමුදාවේ සිටි නිලධාරී මහත්මයෙක් ප්‍රධාන ජීනීවා වලට ගිහිල්ලා මාධ්‍ය තුළ දැක්කා. මම විත්තියේ වාචිකය කියලා ප්‍රකාශයක් භාරදුන්නා කියලා හිටන්. විත්තියේ ප්‍රකාශයක් කරන්න විත්තිකාරයෙක් බවට පත්වෙලා ඉන්න ඕනෑ. විත්තිකාරයෙක් නො‍වී විත්තියේ වාචිකයක් දීම මම හිතන්නේ සුදුසු දෙයක් නෙවෙයි. යුධ සමයේ පැවති තත්ත්වයන් තුළදී මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් අපේ ආරක්ෂක හමුදාවලට, රජයට එල්ලවී ඇති යෝජනා සහ ‍චෝදනාවලදී මම ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ රජයේ ප්‍රතිපත්තිය විදිහට, මගේ ප්‍රතිපත්තිය විදිහට මේ රටේ කිසිම රණවිරුවෙක් විත්තිකාරයෙක් කරන්න මම ලෑස්තිත් නෑ. විත්තිකාරයෙක් කරන්නෙත් නෑ. කියලා හිටන්.ඒක බොහොම පැහැදිලිව මම කියන්නට ඕනෑ. මම බොහොම පැහැදිලිව කියන්න ඕනෑ. ලෝකයේ ඉහළ ම ප්‍රබලම රාජ්‍ය නායකයින් මට පෞද්ගලිකව සහතික වෙලා තියෙනවා. මොන විදිහේ ප්‍රශ්න ආවත් මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අයිතිය වගේම රණ විරුවන් පිළිබඳ ඇතිවන කිසිම ප්‍රශ්නයක් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇතිවෙන්න ඉඩදෙන්නේ නෑ. ඒ සියල්ලෙහිදීම අප සමග රජය සමග ඒ අය සිටිනවායි කියන එක. යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් කළ කිසියම්ම හමුදා නිලධාරියෙක් කාර්යමණ්ඩලයක්, රණවිරුවෙක් පිළිබදව ඒ ඇතිවන ප්‍රශ්න වලදී මම බොහොම පැහැදිව නොබියව මම ලෝකයටම ඇහෙන්න කියනවා ඒ ප්‍රශ්නය අපි බලාගන්නවා ඒ ගැන කව්රුවත්ම කලබල වෙන්නඕනේ නෑ කියන එක"

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් ඊයේ  පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ආරක්ෂක සේවා විද්‍යාලයේ අධ්‍යාපන හා ක්‍රීඩා අංශවලින් දක්ෂතා දැක් වූ සිසු සිසුවියන්ට තිළිණ හා සහතික පත්‍ර ප්‍රධානයක් ද සිදුවු අතර රණවිරුවන් සඳහා වන විරුසර වරප්‍රසා‍ද කාඩ්පත් ද ජනාධිපතිවරයා අතින් පිරිනැමිණ.

මාධ්‍යවේදීන්ට පහරදීම් ඇතුළු සිදුවීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළේ ය .

"එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නොවන රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවු වෙනත් සිදුවීම් පිළිබඳව මාධ්‍යවේදීන් ක්‍රීඩකයින් වෙනත් විවිධ ක්ෂේත්‍රවල අය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන යම් යම් ඝාතන මිනීමැරුම් එවැනි සිද්ධීන් පහරදීම් එවැනි කාරණාවලට කාගේ හෝ සම්බන්ධයක් ති‍බෙනවා නම් ඒ සිදුකරන පරික්ෂණ කටයුතුවලදී ඔවුන් රටේ සාමාන්‍ය පුරවැසියන් ද, රජයේ නිලධාරීන්ද පෞද්ගලික අංශායේ නිලධාරීන්ද ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අය ද, පොලීසියේසේවය කරන අයද තවත් තැනක සේවය කරන අයද කියලා අපිට ඒ අය රකින්න පුළුවන් කමක් නෑ"


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.