Header Ads

අද, හෙට, අනිද්දා හෙද නිලධාරීන් වර්ජනයේ


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පෙරවරුවේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට රජයේ රෝහල්වල හෙද නිලධාරීන් තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන 7 සිට ලබන බදාදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ය.

දිවයින පුරා රජයේ රෝහල්වල සියලු හෙද නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව උන්වහන්සේ සඳහන් කළහ.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය නොදැක්වීමට තවත් හෙද වෘත්තීය සමිති දෙකක් වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ ඇතැම් වෘත්තීය සමිති තම ක්‍රියාමාර්ගය කඩා කප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.