Header Ads

ඉදිරි රජයක කිසිඳු තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නෑ


ඉදිරියේ ඇති වන රජයක කිසිඳු තනතුරක් ලබා ගැනීමට අපේක්ෂා නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වියතුන් රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ වුවද දේශපාලනඥයෙකුවීම අවශ්‍ය නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එබැවින් රට යහපත් මාර්ගයට ගෙන ඒම සඳහා වියතුන් සමඟ එක්ව ක්‍රමවේදයක් සකස් කරන බව බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ නිලධාරීන්ට තීරණ ගැනීමේ නිදහස තිබිය යුතු බවයි.

ඇවන්ගාඩ් ආයතනය ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළ කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.