Header Ads

විමල්ට කිරි පොවයි : උපවාසය අවසන්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ දින 9 ක් පුරා ක්‍රියාත්මක කළ උපවාසය අද පෙරවරුවේ අත්හැර දමා තිබේ.

ඒ පල්ලත්තර සුමනජෝති හිමියන් ඇතුළු මහා සංඝරත්නය කොළඹ ජාතික රෝහලට පැමිණ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව ය.

ආහාර ගැනීමෙන් වැළකී උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පස්වරුවේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණ.

රජයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

ඇප ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීම ද කොළඹ මහාධිකරණය පසුගිය දා ප්‍රතික්ෂේප කළේ ය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා බන්ධනාගාරය තුළදී උපවාසයක් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.