Header Ads

සරත් වීරසේකර ජිනීවා ආ කොටින්ට තනිව උත්තර දේ (VIDEO)


140,000 ක්‌ ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය කර ඇති බවට කොටි හිතවාදීන් මානව හිමිකම් සමුළුව හමුවේ එල්ල කරන චෝදනාව මුළුමනින්ම සාවද්‍ය බවට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (20දා) මානව හිමිකම් සමුළුව අමතා කියා සිටියේය. ඊළාම් ක්‍රියාකාරීන් හය දෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන අභූත චෝදනා මා නිරීක්‍ෂණය කළා. මේ කිසිවෙක්‌ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි අය නොවෙයි යෑයි හෙතෙම එහිදී පැවසීය. සරත් වීරසේකර මහතා සමුළුව අමතන බව වාර්තා වී ස්‌විස්‌ ඊළාම් ඩයස්‌පෝරාව මගින් ඊළාම්වාදීන් විශාල පිරිසක්‌ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන්වා තිබුණි.

තවදුරටත් සමුළුව ඇමතූ ඒ මහතා කොටි සංවිධානයට ත්‍රස්‌තවාදයෙන් ලබාගැනීමට නොහැකි වූ ඊළාම් ඩයස්‌පෝරාව විසින් ලබාගැනීමට උත්සාහ කරන බවද කියා සිටියේය. මානව හිමිකම් ඉතිහාසයේ මුල්වරට ආරක්‍ෂක හමුදාවක හිටපු ප්‍රධානියකු තම රටේ රණවිරුවන් වෙනුවෙන් ගත් මුල්ම ක්‍රියා මාර්ගය මෙය වේ.

අපි බිම් බෝම්බ ලක්ෂ ගනන් අයින් කරනකොට ඔයාලා කොහෙද හිටියේ.. මගේ ඇගේ ලේ දමිල ජනතාවට දීල තියෙනවා.. ඔයා එපාරක්වත් එහෙම කලාද.. අහංසක දෙමල මිනිස්සු ත්‍රස්තවාදීන්ගේන් බැට කනකොට ඔයාලා කොහෙද හිටියේ.. ඔයා කටමැත දොඩවන කටින් කයිවාරුකාරයෙක්.. මංනාවික හමුදාවේ වසර 26ක් වැඩ කල නිලධාරියෙක්’ යයි ඔහු උස් හඩින් අදහස් පලකරද්දී ඊට අභියෝග කරන්නට කිසිවෙකු නොසිටියේය.
ඔබ ලාංකිකයෙක් නම් මෙය නැරබිය යුතුමයි
සියළු දෙනා නැරඹිය යුතුම විඩියෝවක් එල්ටීටීඊ හිතවාදියෙක් නැගූ ප්‍රශ්නයකට පෙරලා පිලිතුරු සපයන රියර් ද්මිරාල් චාර්‍ය සරත් විරසේකර මහතා මෙසේ පවසයි 1.අපි ලක්ෂ ගනන් පුද්ගල නාශක බිම්බෝම්බ අයින් කරනකොට ඔයාලා කොහෙද හිටියේ? 2.මම දමිල ජනතාවට මගේ ඇගේ ලේ පවා දීලා තියනවා ඔයා එහෙම එපාරක්වත් කරලා තියනවද? 3.ත්‍රස්තවාදීන්ගේන් වැඩිපුරම බැට කෑවේ අහිංසක දෙමල මිනිස්සු එතකොට ඔයාලා කොහෙද හිටියේ? 4.ඔයා ඇවිල්ලා කට මෙද දොඩවන කටින් කයිවාරු ගහන පුද්ගලයෙක් 5.මම ශ්‍රිලංකා නාවික හමුදාව්වේ වසර 26 සේවයකල නිලධාරියෙක් යනුවෙන් පවසා එතුමන් එතනින් නැගිට ගියේය...!
Posted by ලංකා පට්ට වීඩියෝ on Tuesday, March 21, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.