Header Ads

බ්‍රිතාන්‍ය තරුණිය ලංකාවේ වඳුරෙකුට එරෙහිව ‍පොලිසි යයි

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ හෙද නිලධාරිනියක ලෙස පුහුණු වන බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් වඳුරකු විසින් පැහැරගෙන ගිය තම ජංගම දුරකථනය ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර සංචාරක ‍පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. 

මෙය තරුණිය නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයට කඩා වැදුණු වඳුරු රංචුවක් අතර සිටි එක් වඳුරකු විසින් මේසයක් මත තිබුණු ජංගම දුරකථනය රැගෙන පලා ගිය බව ඇයගේ පැමිණිල්‍ලේ සඳහන් වේ. 

එම ජංගම දුරකථනයේ වටිනාකම රුපියල් 5000ක් පමණ වන බව පැමිණිල්‍ලේ සඳහන් වේ. මේ දක්වා ඇයගේ ජංගම දුරකථනය හමු නොවුණු බව ‍පොලිසිය පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.