Header Ads

පිඹුරෙකුගෙන් අනුනමයෙන් බේරුණු සුනඛයා.


මොනරාගල හුලංදාව දකුණ පාසල අසල ගෙවත්තක විශාල පිඹුරෙක් සුනඛයෙකු ගිලින බවට ලද දුරකතන ඇමතුමකට අනුව මොනරාගල වන ජිවී කාර්යාලයේ නිලධාරින් එම ස්ථානයට ගොස් අඩි 16 ක් පමන විශාල පිඹුරෙකු අල්ලාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී පිඹුරා විසින් වන ජිවී නිලධාරීන්ට පහරදී ඇති අතර පසුව නිලධාරීන් දැඩි උත්සාහයකින් අනතුරුව පිඹුර අල්ලා පොහොර බෑගයකට දමාගත් බව සඳහන්.  

මෙලෙස අල්ලා ගත් පිඹුරා පසුව යාල රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරේ.
(under the courtesy of hirunews news web)


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.