Header Ads

සූර් වෙන්න බීලා සිහි විකල්වුණු සාහසිකයෙක් අට හැවිරිදි දැරියක් කෙළෙසා මරා දැමූ අයුරු පාපොච්චාරණය කළ හැටි


මේ වැඩේට බැස්සේ හොඳටම බීලා.. මරන්න හිතාගෙන නෙවෙයි ගෙනිච්චේ... වරදක් කරලා කවදාවත් සැඟවිලා ඉන්න බැහැ. 

ඒ විදිහට අට හැවිරිදි දැරියක් දූෂණය කරලා ඝාතනය කරපු සාහසිකයෙකු නීතියේ රැහැනට කොටුවුණාට පස්සේ සිදුකළ පාපොච්චාරණයකි මේ.

මම මේ සිද්ධියට සම්බන්ධ වුණේ ගොඩක් බීලා හිටපු නිසා. මගේ වුවමනාවට නෙවෙයි බිව්වේ. 

මාලි අයියයි, දාස අයියයි බොන්න දුන්නේ.

මං මැරීමේ චේතනාවෙන් නෙවෙයි ළමයා ගෙනිච්චේ යැයි අට හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් කර සිටින විදානගමගේ ප්‍රියන්ත බණ්ඩාර නමැති අය නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ බදුල්ල මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා ඉදිරියේ පාපොච්චාරණය කරමින් එසේ ප්‍රකාශ කළේය.

2013 අගෝස්තු මස 18 වැනිදා අට හැවිරිදි දරියක පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීමේ නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා එක දිගටම විභාගයට ගැනීමට ගෙන ඇති තීරණයට අනුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින රජයෙන් පත්කළ නීතීඥ නලීන් වීරසිංහ මහතා විත්තිකරුට විත්ති කූඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නැයි විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා විත්තිකරුට විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා අවසර ලබාදෙමින් පසු විත්තිකරු තවදුරටත් මෙසේද පැවසීය.

මැරීමේ චේතනාවෙන් නෙවෙයි ළමයා ගෙනිච්චේ. ඒත් ළමයා මැරුණා. මම බය වුණා. ඒ නිසා මරණය හැංගුවා. මම වෙරිගතිය නිසා කැලයේ දවස් තුනක් විතර ගතකළා.

පසුව පොලිසියට බාරවෙන්න හිතවතකුගේ ගෙදරට ගියා. මෙය මම හිතා මතා කරපු දෙයක් නෙවෙයි. මට කියන්න වෙනත් යමක් නෑ.

එම පාපොච්චාරණයෙන් පසුව පැමිණිල්ලේ සහ විත්තියේ වාචික දේශන ලබන අප්‍රේල් මස 4 සහ 5 වැනි දින කැඳවීමට නියම කළ විනිසුරුවරයා නඩුව එදින දක්වා කල් තැබීය.

මෙම නඩුවේ පැමිණිල්ල රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතී,ඥ ලක්මාලි කරුණානායක මහත්මිය සහ රජයේ කණිෂ්ඨ අධි නීතීඥ අකිලා දල්පදාදු මෙනෙවිය විසින් මෙහෙයවනු ලැබුවාය.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.