Header Ads

දරුවන් පිළිබද ගැටලුවකින් තුන් අවුරුදු විවාහය කෙළවර කළ වීනා මලික්


පාකිස්තානු ජාතික නිළියක වන වීනා මලික් පසුගියදා ඇගේ තුන් අවුරුදු විවාහය දික්කසාදයෙන් කෙළවර කළාය. ඇය අසාඞ් කාන්තක් සමඟ විවාහ වූයේ 2013 දෙසැම්බර් මාසයේදී ඩුබායිහිදීය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. ඇය ජනපි‍්‍රය නිළියක වුවත් දරුවන් දෙදෙනා රැකබලාගෙන නිවසට වී සිටින ලෙස ඇගේ සැමියා ඇයට බල කරන්නට පටන් ගත්තේය. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇතිවෙන්නට පටන් ගැනීම නිසා වීනා මාස තුනක්ම ඔහුගෙන් වෙන් වී තනිව ජීවත් වූවාය.

තමන් දෙදෙනා අතර නොගැලපීම් ඇති බැවින් දික්කසාද වෙන්නට අවසර දෙන ලෙස ඉල්ලා මේ 33 හැවිරිදි නිළිය ලාහෝර්හි උසාවියක නඩුවක් පැවරුවේ ඉනික්බිතිවය. මේ නඩුවට කන්තක් නොපැමිණියා පමණක් නොව ඔහුගේ පැත්තෙන් කරුණු කියා ලිපියක් ඉදිරිපත් කළේවත් නැත. එම නිසා උසාවිය විසින් ඇගේ වාසියට නඩු තීන්දුව දෙනු ලැබිණි.

එහෙත් නඩුව පැවරුවේ වීනා බැවින් පකිස්තාන් නීතියට අනුව කන්තක් විසින් ඇගේ දෙමව්පියන්ට දෙනු ලැබූ දායාදයෙන් සියයට විසිපහක් නැවතත් ඔහුට ලබාදිය යුතුය.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.