Header Ads

ගමෙන් ආපු ගංගා සිදාදියේදී ගණිකාවක්වී සළෙලුන්ට විකිණෙද්දී හිතුවෙවත් නැති විදිහට අත්වුණු ඉරණම


සර් පැයකට අටදාහක් ගන්නවා..
යාළුවට කතා කරලා කිව්වා හොඳ කෙල්ලෙක් සෙට් කරලා දෙන්න කියලා...

ගණිකා වෘත්තිය කිසිදු මහන්සියකින් තොරව මුදල් හරි හම්බ කරගත හැකි රැකියාවකි.

මේ නිසා මීට ඇබ්බැහි වූ තරුණියන් බොහෝය. බොහොමයක් තරුණියෝ මෙන්ම කාන්තාවෝ මේ රස්සාව කරන්නේ නැතිබැරි කමටය.

ඔවූහු සිරුර විකිණීමෙන් හොයාගන්නා මුදල ජීවත් වීම සඳහා වියදම් කරති.

එහෙත් ගණිකා වෘත්තියෙන් අතමිට සරු වූවෝද වෙති. යාන වාහන සුපිරි නිවාස හා ගෝල බාලයන් තබා ගෙන සුපිරි පන්නයේ ජීවිත ගත කරන ධනකුවේරයෝ ද මේ ජාවාරමේ නිරත වෙති. ඔවුහු ගැහැණුන් කාමතුරයන්ට විකුණා රිසි සේ මුදල් හම්බ කරති.

ගණිකා වෘත්තියේ යෙදෙන සමහරක් බිරින්දෑවරුන් ඒ රස්සාවේ නියැලෙන්නේ තම සැමියාගේ ද කැමැත්තෙනි. අතමිට ට යහමින් මුදල් ලැබෙන නිසා එවන් සැමියෝ නිහඬව සිටිති. එලෙසම සැමියන් අතහැරයාම, මිය යාම, ආබාධිත වීම වැනි සිදුවීම් නිසා දරු පවුල නඩත්තු කරන්නට තම සිරුර විකුණන ගැහැණුන් ද වෙති.

ගංගා ද එවන් ගැහැනියකි. ඇයට වයස අවුරුදු තිස්පහකි. ඇය විවාහ දිවියට පත් වූයේ වයස අවුරුදු දහහතේදීය. 

දරු දෙදෙනෙකුගේ මවක් වූ ඇයට පුතකු හා දියණියක් සිටි. ඒත් ඇයට වැඩිකල් පවුල් කෑමට නොහැකි විය.

ඒ සැමියා හිටිහැටියේ මිය යාම නිසාය. දරු දෙදෙනා සමඟ තනි වූ ඇය ගිරිඋල්ලේ සිට කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයා ගෙනය. දරු දෙදෙනා ජීවත් කිරීම ඇගේ එකම අභිලාෂය වූවාය.

හංවැල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවක ඇයට රැකියාවක් ලැබිණි. එම ප්‍රදේශයේම කාමරයක නතර වූ ඇය වසරක පමණ කාලයක් එතැන සේවය කල අතර යළි ඇතිවූ පවුල් ප්‍රශ්නයක් මත එම රැකියාවට සමු දෙන්නට ඇයට සිදු වූවාය. හංවැල්ලෙන් කොළඹට ඇය ආවේ ඉන් පසුවය.

කලක් ගත වුවද ඇයට හොඳ ආදායම් මාර්ගයක් ඇති රස්සාවක් නොලැබිණ. කලින් සේවය කළ කර්මාන්ත ශාලාවේ මිතුරියක් ඇයට මුණගැහෙන්නේ ඔය අතරය.

ගල්කිස්සේ පදිංචි කුමාර ඇය හඳුනාගන්නේ ඒ මිතුරියගේ වුවමනාව නිසාය. කුමාර යනු කෙල්ලන් මුදලට විකුණන අයකු බව ඇය දැනගන්නේ ටික දිනකට පසුවය. කුමාර ඇයව ද ඒ සඳහා යොදාගන්නට කටයුතු කළේය.

ඒ වනවිට ලොකු මුදලක් ණය වී සිටි ගංගා කුමාරගේ කීමට කැමැත්ත පළ කළේ වෙන කරන්නට දෙයක් නැති නිසාමය. ගමෙන් ආ ගංගා ගණිකාවක් වූයේ එතැන් පටන්ය. කුමාර ඇයව සළෙලුන්ට විකිණුවේය.

ඒ ලොකු මුදලකටය. ඇය පුද්ගලයකු සමඟ යහන් ගතවනවාට මුදල් අය කළේ කුමාරය. වැඩි කොටසක් අතට ගන්නා කුමාර ගංගාට දුන්නේ සොච්චමක්ය. එහෙත් දිනපතා කිසියම් මුදලක් අතට ලැබෙද්දි ඇයද කුමාර කියන කියන විදියට නටන්නට පටන් ගත්තාය.

වසන්ත කුමාරට හමුවන්නේ ඔය අතරය. වසන්ත පිළියන්දල දම්පේ කාමර කුලියට දෙන හෝටලයක් කරගෙන යන අයෙකි.

ඔහු ඒ සඳහා මසකට රුපියල් හතළිස් පන්දහසක් හෝටල් හිමිකරුට ගෙවන්නේය.

වසර දෙකක් තිස්සේ කරගෙනගිය මෙම හෝටලයට වසන්ත අනියම් බිරියක් ගෙනාවේය. ඒ සිය මිතුරා වූ කුමාර නිසාය. ගංගා වසන්තට සෙට් කර දුන්නේ කුමාර විසින්ය.ගංගා එදා පටන් දම්පේ හෝටලයේ නතර වූවාය. හෝටලයේ රැකියාව කරමින් ඇය එහි වැඩක් ඵලක් කරගෙන ජීවත් වූවාය.

ඒත් වැඩිකල් ඇයට එසේ ඉන්නට ඉඩ ලැබුණේ නැත. වසන්ත ඇයව පිටස්තරයන්ට විකුණුවාය. ගංගාට මෙය එතරම් ලොකු ප්‍රශ්නයක් නොවීය. මන්ද ඇය මීට කළින් කළේද ඒ රස්සාව නිසාය. එදා පටන් හෝටලයට ආ සළෙලුන්ට ඇය විකිණී ගියාය.

පිළියන්දල පොලිසියේ පරිපාලන අංශයේ ස්ථානාධිපති උපුල් පෙරේරා මහතාට ගංගා ගැන තොරතුරක් ලැබුණේ ඔය අතරය.

ඔහු මේ බව ස්ථානාධිපතිවරයාට කීවේය. ඒ අනුව හෝටලය වැටලීම සඳහා මෙහෙයුමක් සූදානම් විය. පිළියන්දල පොලිසියේම කොස්තාපල්වරයකු “බිස්නස්කාරයකු” සේ වෙස්ගෙන දම්පේ හෝටලයට ගොස් තරුණියක් ඇණවුම් කළේය.

“සර් පැයකට අටදාහක් ගන්නවා”

කුලී හෝටල් හිමිකරු එම තරුණයාට කීවේ ඔහු පොලිසියේ අයෙකු බව නොදැනය.

මුදල ගෙවූ තරුණයාට හෝටලයේම කාමරයක් සමඟ ගංගා ද ලැබිණි. තරුණයාට අවශ්‍ය වූයේ ගංගා සමඟ යහන්ගත වීමය. ඒ නිසා ඔහු ඇයට කීවේ ඉක්මනින් ඇඟපත පිරිසිදු කරගන්නා ලෙසය. ඇය හැඳ සිටි ඇදුම් උනා තබා කාමරයේ තිබූ තුවාය දවටාගෙන ඇඟපත සෝදාගන්නට නාන කාමරයට ඇතුළු වූවාය.

ඒ සැනෙකින් එම තරුණයා සිය ජංගම දුරකථනය අතට ගෙන කාටදෝ "මිස් කෝල්" එකක් දුන්නේය. නිල ඇඳුම් ලාගත් පොලිස් නිලධාරින් හෝටලය තුළට කඩා පැන්නේ ඉන්පසුවය.

කාමරයේ දොරට තට්ටු කිරීමත් සමඟ කාමරය තුළ සිටි තරුණයා වහා ගොස් දොර විවර කළේය.

ඒ සමඟ කාමරය තුළට කඩා වැදුණු නිලධාරීන් කාමරයේ සිටි ගංගා අත්අඩංගුවට ගත්තේ මුදලට සිරුර විකිණීමේ වරදටය.තමා සමඟ කාමරයේ සිටියේ පොලිස් නිලධාරියකු බව ඇය දැනගත්තේ එවිටය. ඇය සමඟ හෝටල් කළමනාකරුද පොලිසියට කොටු විය.

ප්‍රශ්න කිරීමේදී ඇය එවන් තත්ත්වයට පත් වූ අයුරු පොලිස් නිලධාරීන්ට හෙළි කළාය. කුලි පදනම මත හෝටලය කරගෙන ගිය කළමනාකරු ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය. හතළිස් එක් හැවිරිදි ඔහු විවාහකයෙකි.

“මම මේකෙන් මාසෙට රුපියල් හතළිස් පන් දහසක් අයිතිකාරයට දෙන්න ඕන. සමහර දිනවලට ඒ මුදල දීගන්න බැහැ. මගේ යාළුවෙක් හිටියා සල්ලිවලට ගෑණු විකුණන කෙනෙක්. එයාගේ නම කුමාර.

එයා ඉන්නේ ගල්කිස්සේ. මම ඒ යාළුවට කතා කරලා කිව්වා මගේ හෝටලයට හොඳ කෙල්ලෙක් සෙට් කරලා දෙන්න කියලා. පස්සේ තමයි ඔය කෙල්ල මෙහාට ආවේ.

පස්සේ හෝටලයට එන අයට එයා සල්ලිවලට ගියා. ත්‍රීවිලර්වල අය තමයි ගොඩක් මට වැඩ සෙට් කරලා දෙන්නේ. මම ඒ එක වැඩකට රුපියල් දහක් දෙනවා.

අදත් ඒ වගේම ත්‍රීවිලර් එකේ ආපු කෙනෙකුට තමයි එයාව දුන්නේ. පොලිසියෙන් කියලා දන්නේ නැහැ.”
වසන්ත පොලිසිය හමුවේ කීවේය.

මෙම හෝටලය පිළියන්දල දම්පේ මහත් ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයකි. හෝටලයේදී අත්අඩංගුවට ගත් තරුණිය හා කුලී පදනම මත හෝටලය කරගෙන ගිය තැනැත්තා පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.