Header Ads

දුම්රිය එන්ජින් ගනුදෙනුවෙනුත් සුපිරි ගැහිල්ලක්?


නුදුරේදී සිදුවිය හැකි තව ත් වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

සන්ඩේ ඔබ්සවර් පුවත්පත පෙන්වා දෙන්නේ, උඩරට මාර්ගයේ ධාවනයට දුම්රිය එන්ජින් 12ක් මිලදී ගැනීමට, ජෙනරල් ඉලෙක්ට්‍රික් නම් අමෙරිකානු සමාගමට මිලියන ගණනක ටෙන්ඩරයක් නිකුත් කිරීමට සැරසෙන බව ය.

ජෙනරල් ඉලෙක්ට්‍රික් හෙවන් ජී.ඊ. සමාගමෙන් 7 එෆ්.ඩී.එල්. වර්ගයේ ඩීසල් දුම්රිය එන්ජින් 12ක් ලංකාවට ආනයනය කිරීමට ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සන්ඩේ ඔබ්සවර් පුවත්පත පෙන්වා දෙයි.

1956 වසරේදී පළමු වරට නිපදවූ මෙම 7 එෆ්.ඩී.එල්. වර්ගයේ ඩීසල් දුම්රිය එන්ජින්, 2003 වසරේ සිට අමෙරිකාවේ දුම්රිය ධාවනයට නිපදවා නොමැත.

කෙසේ වෙතත් අදාළ එන්ජින් නිපදවා තුන්වන ලෝකයේ රටවල්වලට අපනයනය කෙරේ.

සන්ඩේ ඔබ්සවර් පුවත්පත් වාර්තාවට අනුව ගෝලීය වශයෙන් 7 එෆ්.ඩී.එල්. වර්ගයේ ඩීසල් දුම්රිය එන්ජින් විශාල වශයෙන් අසාර්ථක වූ බව ත්, අදාළ එන්ජින් ගිනි ගැනීමේ ප්‍රවණතාවක් සහිත බව ත් සඳහන් ය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, උඩරට මාර්ගෙය් ධාවනයට දුම්රිය එන්ජින් 12ක් මිලදී ගැනීම සඳහා නිකුත් කළ ටෙනඩර් පටිපාටියේ කරුණු ජී.ඊ. එන්ජින් මිලඳී ගැනීමට වැඩි නැඹුරු තාවක් දැක්වෙන බව ය.

ලංසු තැබීමේ පාර්ශව ප්‍රමාණය අඩුකිරීම ඊට හේතුව බව පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

ජී.ඊ. එන්ජින් මිල අධික වන අතර තෝරාගත් ටෙන්ඩරයේ මිල ඉදිරිපත් වූ සෙසු ලංසු සමග සැසඳීමේදී ඩොලර් මිලියන 10කට ඉහළ අගයක් ගන්නා බව පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 7 එෆ්.ඩී.එල්. වර්ගයේ ඩීසල් දුම්රිය එන්ජින් 2014 වසරේදී ඉන්දුනීසියාව මිලදී ගත් මිලට වඩා ශ්‍රී ලංකාවට ආනයන කිරීමේදී දී ඇති මිල 36% සිට 64% දක්වා ඉහළ අගයක් ගන්නා බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.