Header Ads

බිරිඳ බොන්න දෙන් නැතැයි කියා සැමියා උපවාසයක...


කුරුවිට, එනසල්දොල ගම්මානයේ පුද්ගලයකු ලයිට් කණුවක් මතට නැග අද උපවාසයක් කරමින් සිටියදි කුරුවිට පොලිසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් එම පුද්ගලයා බිමට බස්සවා ගෙන රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ. උපවා පවසා ඇත්තේ බිරිඳ තමාට මත්පැන් පානය කිරිමට ඉඩ නොදෙන බැවින් මෙලෙස උපවාසයක යෙදෙන බවයි.

ඊයේ උදෑසන සිට ආරම්භ කර තිබු උපවාසය පිළිබඳව පොලිසිය දැනගැනීමෙන් පසුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහුට කරුණු පහදා දි ඇති අතර එම පුද්ගලයාගේ බිරිඳද එම ස්ථානයට පැමිණ “ඕනතරමක් බීපන්“ යයි පවසා ඇත.

පසුව බිමට බැස්ස පුද්ගලයා යම් මානසික රෝගයකින් පෙලෙන බවට පෙනියාමත් නිසා ඔහු රෝහල් ගතකිරිමට කටයුතුකර තිබේ.

(කුරුවිට සමූහ-රූපිකා කේ.බණ්ඩාර)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.