Header Ads

කන්න නැතිව සාගතේ කුවේටයේ දී මියැදුණු දර්ශනී


මැදපෙරදිග සේවය සඳහා ගිය 22 හැවිරිදි අවිවාහක තරුණියක නිරාහාරව සිට මියයෑමේ සිද්ධියක්‌ පිළිබඳව මීගමුව හදිසි මරණ පරීක්‌ෂක කාර්යාලයෙන් වාර්තා වනවා.

මීගමුව හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමරත්න හමුවේ පැවැති මරණ පරීක්‌ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වුණා.

ඇය සේවය කළ නිවසේ හාම්පුතුන්ගෙන් නිතර සිදු වන කෲරතර වධ බන්ධන ඉවසිය නොහැකි තැන සේවය කළ නිවසින් පලා ගොස්‌ එම ප්‍රදේශයේ පදිංචිය අත්හැර පාළුවට ගිය හුදෙකලා නිවසක දෙසතියක්‌ නිරාහරව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ශෝචනීය ඉරණමට මුහුණ දී ඇත්තේ පරණ මස්‌කෙළියේ පදිංචිව සිටි පලියන්ඩි කරුපයියා දර්ශනී (22) නමැති අවිවාහක තරුණියක්.

මෙම මරණ පරීක්‌ෂණයේදී හෙළිදරව් වූ සාක්‌ෂි අනුව මෙම තරුණිය දැනට වසර දෙකකට පමණ ඉහත කුවේටයේ ගෘහ සේවිකාවක්‌ ලෙස විදේශ ගත වී තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.