Header Ads

ඇමරිකානු යුධ නෞකා විනාශ කරන බවට උ.කොරියාවෙන් අනතුරු අඟවයි


පසුගිය දා ඇමරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් සඳහා එක්වන ලදී. ඊට ඇමරිකාවේ යූඑස්එස් කර්ල් වින්සන් නෞකාව දකුණු කොරියාවට සේන්දු වන ලදී.

මීට පිළිතුරු ලෙස උතුරු කොරියාව විසින් ප්‍රධාන රූපවාහිනී නාලිකා හරහා වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ ඇමරිකානු නෞකා හා ගුවන් යානා උතුරු කොරියානු මිසයිලවලින් විනාශ කර දමන අයුරුයි. මෙය ඇමරිකාවට හා දකුණු කොරියාවට එල්ල කරන ලද තර්ජනයක් ලෙස ජාත්‍යන්තරය පෙන්වා දෙයි.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.