Header Ads

ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයෙක් FCID යට බලපෑම්කරයි


මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් කෙරෙන පරීක්ෂණ සඳහා බලපෑම් කළ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රබල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බරපතළ වංචා ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට බලපෑම් කළ මන්ත්‍රීවරයා නීතිය සාමයට අදාළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ ප්‍රබල තනතුරක් දරන්නකු බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රුසියානු නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි වහාම කරුණු දැක්වීමටද ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.