Header Ads

ICTA ප්‍රධාන විධායක මුහුන්දන් කනගෙයි රටම අන්දන හැටි මෙන්න!!!!


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක මුහුන්දන් කනගෙයි මහතා වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගූගල් ලූන් ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පල කර තිබේ.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත්වීම, ක්‍රියාකාරිත්වය මෙන්ම තනතුරට පත්වීම ද පසුගිය දිනවල සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රබල ලෙස ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් නකගෙයි මහතා

එක මෙහෙමයි වෙන්නේ චමත් පලිහපිටිය මහතා සිලිකන් වැලිහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙක්. ඔහු ශ්‍රී ලංකාවට ආ දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ජා කරා.මෙහෙම මුලු දිවයිනම ආවරණය කරන්න හැකියාව තිබෙන ව්‍යාපෘතියක් තිබෙනවා කියා.ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම මෙම ව්‍යාපෘතිය ඇතිකිරිමට කැමැත්ත පළ කළා. එහෙම තමයි අයි.සී.ටී.ඒ. ආයතනයට මෙය ලැබුණේ. අපි එතනින් ආරම්භ කරලා ඔහු සමඟ මෙය තව දුරට ත් ඉදිරියට තල්ලු කරගෙන පැමිණුනා. චමත් පලිහපිටිය මහතා ගූගල් ආයතනය හා සම්බන්ධ වෙලා මෙය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරා

මුහුන්දන් කනගෙයි මහතා පවසන චමත් පලිහපිටිය නමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අමෙරිකානු ව්‍යාපාරිකයා මෙරටට පැමිණ ජනාධිපතිවරයා හමු වූයේ 2016 වසරේ අප්‍රේල් මස 6 වන දිනයි.

ජනාධිපතිවරයා හමුවන විටත් ගූගල් ලූන් ව්‍යාපෘතිය යටතේ යැවූ බැලුම අසාර්ථක වී තිබුණි.

දකුණු අමෙරිකාවෙන් ගුවන් ගතකළ ගූගල් බැලූනය 2016 පෙබරවාරි 16 වන දා වනවිට මෙරට ගුවන් කලාපයට ඇතුළු වී තිබූ අතර එය පෙබරවාරි 17 වන දා හමුවුණේ ගම්පොලට කඩා වැටී තිබියදී ය.

මේ අත්හදා බැලීම් සියල්ලටම පෙර 2015 ජුනි 26 වනදින රාමා නමින් සමාගමක් මෙරට ලියාපදිංචි කර තිබුණි.

සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ චෝදනාව වූයේ ගූගල් ලූන් මුවාවෙන් රාමා නමැති සමාගම හරහා වෙනත් ගනුදෙනුවක් සිදුකිරීමට උත්සාහ කළ බව ය.

අරුන් ඩයස්

හරි එතකොට ‍අපිට මේ කාර්යයේදී තවත් නමක් ඇහෙනවා. ඒ රාමා, කවුද මේ රාමා කියන්නේ. මොකක්ද රාමා කියා හඳුන්වන්නේ ?

මුහුන්දන් කනගෙයි මහතා

එම ව්‍යාපෘතිය දකුණු ආසියාතික නාමයකින් හැඳින්වුවාට ඇත්තෙන්ම එය චමත් පලිහපිටිය විසින් නියාමනය වන ව්‍යාපෘතිය. ඔහු තමයි මෙම ව්‍යාපෘතිය මෙහෙයවන්නේ ඔහුගේ නියෝජිතයින් මෙහි පැමිණ එම ව්‍යාපාරය කළමනාකරණය කරමින් මණ්ඩලයේ අසුන් දරනවා.

අරුන් ඩයස්

ඉතින් ගූගල් සමාගම රාමා ව්‍යාපෘතිය සමඟ කටයුතු කිරීමට එකඟතාවය පල කර තිබෙනවා ද?

මුහුන්දන් කනගෙයි මහතා

ඔව් රාමා ව්‍යාපෘතිය විසින් තමයි ගූගල් ආයතනය අප සමඟ සම්භන්ද කෙරුණේ. ඒවගේම ගූගල් සමාගම ඔවුන් සමඟ වැඩකරීමට කැමැත්තක් දක්වනවා.

2015 නොවැම්බර් 10 වනදා බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩිවියට චමත් පලිහපිටිය මහතා ලබාදෙන සාකච්ඡාවකින් රාමා සමාගමේ සැබෑ අරමුණ පැහැදිලි වේ.

ඔහු එහිදී පැවසුවේ රාමා සමාගම ඒ වනවිටත් ශ්‍රී ලංකාවේ විද්‍යුත් තරංග වර්ණාවලියේ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බව ය.

නවීන් දුරකතන සේවා සපයන්නෙකු ලෙස රාමා සමාගම ගොඩනැගීම පලිහපිටිය මහතාගේ අපේක්ෂාව බව එම ලිපියේ දැක්විය.

2015 ජුනි 26 වනදා මෙරට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති රාමා සමාගමේ අධ්‍යක්ෂවරුන් වන්නේ පී. සිවගනනනාදන් හා මාලක චමින්ද බණ්ඩාර තල්වත්ත නමැති දෙදෙනායි.

කොටස් දෙකක් සතුව ඇති මේ අධ්‍යක්ෂවරුන් හැර වෙනත් කිසිවෙකු මෙරට ලියාපදිංචියේ සඳහන් වන්නේ නැහැ.

ඒ අනුව සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ චෝදනාව වූයේ ගූගල් ලූන් මුවාවෙන් මෙරට විද්‍යුත් තරංග වර්ණාවලිය ලබාගෙන පසුව එය වෙනත් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් යොදා ගැනීම රාමා සමාගමේ අරමුණ බව ය.

මුහුන්දන් කනගෙයි මහතා

අපි අපේ නියයෝජිතයන් සමගින් විදුලි සං‍දේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් කරා මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වර්ණාවලි නිකුත් කරන්න කියලා. කෙසේ වෙතත් මෙහිදි ගැටලුවක් ඇතිවෙලා තියෙනවා ව්‍යාපෘතියට අවශ්‍ය මේගා හර්ට්ස් 700 ධාරීතාවයකින් යුත් වර්ණාවලිය අන්තර්ජාතික සංනිවේදන සංගමයෙන් වෙන් කරලා නෑ මෙම උඩු ගුවන් බැලුන් සඳහා ලබාදීමට. මේ නිසා විදුලි සංන්දේශ නියාමන කොමිෂන් සභාව ගූගල් ලූන් ව්‍යාපෘතිය සඳහා මෙම වර්ණාවලිය නිකුත් කරන්නට නොහැකියි කියා. කෙසේ වෙතත් මේ පිළිබඳ සාකච්ජා සිදුවෙමින් තිබෙනවා. අයි.සී.ටී.ඒ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අතර. මීට අමතරව නීතිපති වරයාත් මෙම වර්ණාවලිය ලබාගැනීමට ඇති නීතිමය ගැටලු පිළිබඳ සාකච්ජා කරමින් පවතිනවා.

මේ ව්‍යාපෘතිය මෙගහර්ස් 700 සීමාවේ එක් සංඛ්‍යාතයක පමණක් අත්හදා බැලිය නොහැකියි.

ඉන්දියාවේ ගූගල් ලූන් ව්‍යාපෘතිය අත්හදා බැලීමට මෙගහර්ට්ස් 700 සිට 900 දක්වා පරාසයක සංඛ්‍යාත වෙන්කර දෙන්නැයි කල ඉල්ලීම එරට බලධාරීන් ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යාත පරාසයේ දැනට වීඑච්එෆ් රූපවාහිනී විකාශන කටයුතු සිදුවේ.

මෙම පසුබිම තුළ පසුගිය දිනවල සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් අයි.සී.ටී.ඒ. ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගෙයි මහතා සම්බන්ධයෙන් මතුකළ කරුණු තව දුරට ත් සනාථ නොවන්නේද?

කනගෙයි මහතා ප්‍රධාන විධායක තනතුරු දරන්නේ ජනාධිපතිවරයා ඔහු අධ්‍යක්ෂ ධුරයට පමණක් පත් කරන්නැයි විෂයය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැහැදිලිව උපදෙස්දී තිබියදී ය.

දුෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ

අඩුම තරමෙන් ජනාධිපති ‍ලියුමක් ගැහුවාම ඒ අනුව වැඩ කරන්නේ නැති තැනට පත්වෙලා තියෙන්නේ ආණ්ඩුව බැලුම වැටුනා වැටුනාමයි බැලුමත් එක්ක වෆි ෆයිත් වැටුනා වයි ෆයි නෑ  දැන් මේ ව්‍යාපෘතියට සම්පූර්ණයෙන් සම්බන්ධ ආයතනයක් තියෙනවා අපේ රටේ අයි.සී.ටී. කියලා ආයතනයක් මේක රජයේ ආයතනයක්. කළමනාකර අධ්‍යක්ෂ හැටියට පත්කරපු මනුස්සයාව එතෙන්ට පත්කරන්න එපා අධ්‍යක්ෂ වරයෙක් විදිහට විතරක් පත්කරන්න කරන්න කියලා ජනාධිපති ලිඛිතව දැණුම්දීලා තියෙනවා.හැබැයි එහෙම තියෙද්දි ඇමතිවරු නැත්නම් එකේ සභාපති මේ හදයා කළමනාකාර අධ්‍යක්ෂ කරලා නෑ සී.යී.ඕ ප්‍රධාන විධායක නිලධාරීයා කරලා ඒ කියන්නේ ජනාධිපතිගේ ලිපියට ප්‍රතිචාර දක්වන්නෑ.

දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකොන් මහතා

මේ පත්වීමේ ක්‍රියාවලියට මොනම ආකාරයේ හෝ අමාත්‍යංශයේ අනුමැතිය මේ රුපියල් මිලියන පහ ඉක්මවන කොන්ත්‍රාතුවට ලබාගන්නේ නෑ. මේක ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් කරපු පත්කිරීමක්. මේ විදිහට හොර පාරෙන් ප්‍රධාන විධායකයා පත්කිරීම තුල මේ රටට ලෝක බැංකුව ඇතුලු ලංකාවට ණය ආධාර ලබාදෙන කණ්ඩායම් සමග ඇතිකරගන්න ගිවිසුම්වල අනාගතය බරපතල අනතුරකට පත්වෙනවා.අපි අමතක කරන්න හොඳ නෑ මෙවර ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය සදහා අති දැවැන්ත මුදලක් වෙන්කර තිබෙනවා.ඒ මුදල ඉතාම සුක්ෂම ලෙස ගරා ගනිමින් ඒ මුදල පාවිච්චි කරමින් , ඒ ව්‍යාපෘති පාවිච්චි කරමින් පෞද්ගලික අංශයේ තමන්ගේම හිමිකාරීත්වය තියෙන සමාගම් කිහිපයකට මේ තොරතුරු අයිතිය ගුලිකරලා‍ අපේ රටේ තොරතුරු අයිතිය, අපේ ‍රටේ ඩිජිටල් රූපවාහිනි නාලිකාවලට ගෙවන බදුමුදල වැඩිකරගැනීමේ ව්‍යාපෘතියක් තමයි පෞද්ගලික සුඛ විහරණය සදහා‍ මේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ

http://newsfirst.lk/sinhala/2017/03/95304/

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.