Header Ads

කාත්තන්කුඩි ගැටුමට සම්බන්ධ පිරිසක්‌ IS හිතවාදීන්...



කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ගැටුම් ඇතිකරගත් ඉස්‌ලාමීය පාර්ශ්ව දෙකෙන් එක්‌ පාර්ශ්වයක්‌ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය දෙන කණ්‌ඩායමක්‌ බව ශ්‍රී ලංකා පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය ප්‍රකාශකයෙක්‌ පැවසීය. 

කාත්තන්කුඩිහිදී පසුගිය සිකුරාදා ඉස්‌ලාමීය පාර්ශ්ව දෙකක්‌ අතර ඇති වූ ප්‍රචණ්‌ඩ ක්‍රියා හා ගැටුම් සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌ වූ පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය ඉස්‌ලාම් ආගම හැරගිය කණ්‌ඩායමකි.

මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාව සම්බන්ධයෙන් රජය හා ආරක්‍ෂක අංශ දැඩි පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමිය යුතු බවද පැවසූ හෙතෙම අන් රටවලින් මුදල් ගෙන ඉස්‌ලාම් ආගම වපුරන මුවාවෙන් ත්‍රස්‌තවාදය අන්තවාදය හා වෛරය වපුරමින් සිටින ඉස්‌ලාම් කණ්‌ඩායම් එකිනෙකා සමඟ ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර ගනිමින් සිටින තත්ත්වයට පත්ව ඇතැයිද කීය. 

කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාවට සම්බන්ධ එක්‌ පාර්ශ්වයක්‌ ප්‍රසිද්ධියේ අයිසීස්‌ සංවිධානයට සහාය දෙන බවද ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තක්‌කුඩි පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීවේය.

සිද්ධියට සම්බන්ධ සහරාන් නමැති තවුහිඩ් ජමාත් නැගනහිර නායකයාට විරුද්ධව සුන්නතුල් නිකායේ පිරිස් උද්ඝෝෂණයකද නිරත වී ඇති අතර එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.