Header Ads

විශිෂ්ඨයින්ට ජනපති තිලිණ (PHOTOS)


2016 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන් සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දක්වන ලද සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

2016 වර්ෂයේ අගෝස්තු මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විෂයධාරා 07 ක් යටතේ මුල් ස්ථාන 05 අතරට පැමිණි සිසු සිසුවියන් 35 දෙනෙකු සදහා සහ 2016 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන්ම ඉහළම ලකුණු ලැබූ සිසුන් 12 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

එම සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුබපැතුම් පිරිනැමීය.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ, මහජන බැංකුවේ සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ දායකත්වයෙන් ඔවුන්ට මුදල් තිළිණ සහ ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.