Header Ads

හිඟුරක්ගොඩ ප්‍රධාන පාසලක ආපන ශාලාවේ කසිප්පු පෙරලා (PHOTOS)


හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක් තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අද උදැසන සුරාබදු නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේ, සිද්ධියට සැකපිට ආපන ශාලාව පවත්වාගෙන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
පාසල් කාල පරිච්ජේද නිම වීමෙන් පසුව ඔහු මෙලෙස නීති විරෝධී ජාවාරම සිදුකර ඇති බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.