Header Ads

අවිවාහක කන්‍යාවකට දරුවෙක්? – සැඟව සිට කරළියට ආ ජයලලිතාගේ පුත්‍රයා තමිල්නාඩුව කළඹයි! (PHOTOS)


තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ පුත්‍රයෙකු බව කියන 32 හැවිරිදි ජේ. ක්‍රිෂ්ණමූර්ති නමැති අයෙකුට චෙන්නායි පොලිස් කොමසාරිස්වරයා හමුවේ පෙනී සිටින ලෙස මදුරාසි මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා.

මොහු ප්‍රකාශ කර ඇත්තේ තමා තෙලෙගු සිනමා නළුවෙකු වූ ශෝබන් බාබු සහ ජයලලිතාගේ පුත්‍රයා බවයි.
පසුව ජයලලිතා විසින් තමා වසන්තාමනි නමැති කාන්තාවගේ භාරයට පත් කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එසේ භාරකාරත්වය පැවරූ සහතිකයක් ද මොහු විසින් ඉදිරිපත් කර ඇති අතර, එහි සාක්ෂියට අත්සන් තබා ඇත්තේ ජයලලිතාගේ පූර්වාදර්ශකයා ලෙස සැලකෙන එම්.ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. විසින්.
කෙසේ නමුත්, අදාළ ලිපි ලේඛන ව්‍යාජ බව ඔප්පු වුවහොත් මොහු අත්අඩංගුවට ගැනීමට සිදුවන බවයි මදුරාසි මහාධිකරණය දන්වා ඇත්තේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.