Header Ads

ලන්ඩන් ප්‍රහාරය : තුවාලකරුවන්ට මුලින්ම ප්‍රතිකාර කෙලේ ශ්‍රී ලාංකීකයෙක්! ලෝකයෙන්ම පැසසුම්! (PHOTOS)


ඊයේ දිනයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීරණය ආසන්නයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රථමයෙන්ම ඉදිරිපත් වී ඇත්තේ ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු බව ජාත්‍යන්තර මාධ්‍ය අද(23) වාර්තා කලා.

ජෙවිස් විජේසූරිය නමැති මෙම වෛද්‍යවරයා එම අවස්ථාවේදී වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව අසලින් ගමන් කරමින් සිට ඇති අතර පුද්ගලයින්ගේ කෑ ගැසීම් සහ උදව් ඉල්ලීම් ඇසී වහාම ක්‍රියාත්මක වී වෛද්‍ය ආධාර ලබාදීමට සහ රෝගීන් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමට දැඩි උත්සාහය ගෙන තිබේ.

බොහෝ දෙනෙකු බියට පත්ව දිව යද්දී එඩිතරව ඉදිරිපත් වී පීඩාවට පත් පුද්ගලයින්ට සහාය දීම වෙනුවෙන් වෛද්‍ය විජේසූරියට එංගලන්තයේ සහ ලොව පුරා බොහෝ දෙනෙකුගේ ප්‍රසංශාව හිමිවී තිබේ.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.