Header Ads

කොළඹ අයාලේ යන හරක් අල්ලන විශේෂ මෙහෙයුම -Pictures


කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ වල අයාලේ යමින් සිටින හරකුන් අල්ලා, ඇඹිලිපිටිය සහ තිස්සමහාරාම ප්‍රදේශවල කිරි ගොවීන්ට සහ පංසල් වලට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වේ.

අයාලේ යන ගවයන් නිසා කොළඹ නගරයට සිදුවන හානිය වළක්වා ගැනීම මෙහි අරමුණ වී තිබේ.

රජයේ පශු වෛද්‍ය නිලධාරීකුගේ පිරික්සීමෙන් අනතුරුව ඉතා ආරක්ෂිත ලෙස මෙම සතුන් කොලඹ නගරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරේ.

මෙම මෙහෙයුම මේ වන විටත් ආරම්භ වී ඇති බැවින් තමන්ට අයත් ගවයන් වෙතොත් ඔවුන් නිදැල්ලේ නොයවන ලෙසට අදාළ අංශ මහජනතාවට දැනුම්දී තිබේ.













No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.