Header Ads

යෝධ පැන්ඩා සුරකින්න Porn Hub වෙතින් අරුම පුදුම ව්‍යාපෘතියක්! (18 + VIDEOS)


ව්‍යාපාරයක සමාජ වගකීම් (CSR) මේවන විට ලොව පුරා දැඩි ලෙස කතා බහට ලක්වන මාතෘකාවක්. ඕනෑම ව්‍යාපාරයක් ලාභ උපයන අතරම සමාජයේ සුභසාධනය උදෙසාද යම් දායකත්වයක් සැපයිය යුතුය යන්න මෙහි අර්ථයයි.

පෝර්න් හබ් සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ සිට සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවන ලොව ප්‍රමුඛ පෙලේ නිල් චිත්‍රපට සමාගමක්. තත්වයෙන් ඉහළ නිල් චිත්‍රපට නිපදවීම හා ඒවා සිය වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් ඔවුන් උපයනු ලබනවා.

මෙම සමාගම විසින් වරින් වර විවිධ සමාජ සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඒවා ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වනවා.

උග්‍ර ලෙස තර්ජනයට ලක්ව වඳවී යන සත්ව කොට්ඨාශයක් ලෙස සැලකෙන යෝධ පැන්ඩා සතුන් රැක ගැනීම සඳහා porn hub සමාගම නවතම සමාජ සුභසාධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මෙය තරමක් අමුතු ක්‍රියාදාමයක්. ලොව පුරා වෙසෙන ඕනෑම අයෙකුට මේ සඳහා දායකත්වය සැපයිය හැකියි.

පැන්ඩාවන් ලෙස සැරසී තමන් රංගනයේ යෙදෙන නිල් චිත්‍රපටයක් නිර්මාණය කර ඔවුන්ගේ වෙබ් අඩෙවියට ඇතුලු කිරීම හරහා මේ සඳහා දායකත්වය දැක්විය හැකි අතර එම වීඩියෝව නරඹන සංඛ්‍යාව අනුව පැන්ඩාවන් සුරැකීමේ සංවිධානයකට මුදල් ආධාර ලබාදීමට එම සමාගම තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ඇතුලත් කරමින් එම සමාගම රුසියානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරන සමාගමක් හරහා නිශ්පාදනය කල ප්‍රචාරණ වීඩියෝවක් පහතින් දැක්වේ.

(මෙම පුවත අප වාර්තා කරනුයේ හුදෙක්ම ලෝකයේ නව ප්‍රවණතා දැනුවත් කිරීම සඳහා පමණක්ම වන අතර මෙහි සඳහන් වන පරිදි අසභ්‍ය දර්ෂණ සහිත ප්‍රකාශණයන් නිර්මාණය කිරීම සහ ඒවා හුවමාරු කිරීම ශ්‍රී ලංකා නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.)


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.