Header Ads

ත්‍රිකුණාමල මුහුදේ ඩොල්ෆින් සංහාරය (VIDEO)


ඩොල්ෆින් මසුන් 12 දෙනෙකු මරා දැමූ පුද්ගලයින් 9 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාදැල් හිමිකරුවකු හා ධීවරයින් 8 දෙනෙකි.

සැකකරුවන්ගේ මා දැලට මෙම ඩොල්ෆින් මසුන් හසුවී ඇති අතර එහිදි අදාළ මසුන් මුහුදේදී ඝාතනය කර මා දැලේ බෝයාවෙහි බැඳ තබා තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

මා දැලකට ඩොල්ෆින් මසුන් රංචුවක් හසුවී ඇති බවට ලද තොරතුරකට අනුව ත්‍රිකුණාමයල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුල්වරාය ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදි ධීවරයින් පවසා ඇත්තේ තමන් අදාළ මසුන් යළි මුහුදට මුදාහැරි බව යි.

කෙසේ වෙතත් පසුව කළ පරීක්ෂාවකදී මරා දැමු ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවු බව පොලීසිය සඳහන් කළේ ය.

ඩොල්ෆින් මත්ස්‍ය මෙරට ආරක්ෂිත සත්ත්වයකු ලෙස නම් කර තිබේ.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම සත්ත්වයින් මරා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.