Header Ads

නාච්චිමලේ දිය නා අවසන් ගමන් ගිය රත්මලානේ තරුණයන් තිදෙනා (VIDEO)


ඉංගිරිය නාච්චිමලේ ප්‍රදේශයේ දිය නාමින් සිටි තිදෙනකු ඊයේ ජිවිතක්ෂයට පත්වුණා.

ආරණ්‍ය පාරේ දොළක දිය නාමින් සිටි පිරිසකගෙන් තිදෙනකු මෙලෙස මිය ගිය බවයි වාර්තා වුණේ.

සවස 5.00 ට පමණ දොළේ අඩි 25 ක්‌ පමණ ගැඹුරැති වළක ගිලී ඔවුන් මරණයට පත්වී ඇතැයි ඉංගිරිය පොලිසිය සඳහන් කළා.

මරණයට පත්වී ඇත්තේ රත්මලාන අංක 36/30 දුම්රිය නිවාසවල පදිංචිව සිටි මදුරංග සුදර්ශන, රුවන් දිලීප නදීශාන් සහ සමිඳු මධුසංක යන තිදෙනා බව පොලිස්‌ ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් දියේ ගිලුණු අවස්ථාවේ සෙවීමේ යෙදුනු දර්ශන පහතින් නැරඹිය හැකියි.
නාච්චිමලේ අවසන් ගමන් ගිය තරුණයන් තිදෙනා
නාච්චිමලේ අවසන් ගමන් ගිය තරුණයන් තිදෙනා
Posted by Video menna - වීඩියෝ මෙන්න on Monday, March 13, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.