Header Ads

ශ්‍රී ලාංකිකයින්ව පැහැර ගත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඉලක්ක කර එල්ල කෙරෙන ප්‍රහාර නතර වෙයි (VIDEO)


ශ්‍රී ලාංකිකයින්ව පැහැර ගත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඉලක්ක කර එල්ල කෙරෙන ප්‍රහාර නතර වී තිබේ.

මේ බව නිව්ස්ෆස්ට් වෙත තහවුරු කළේ, වෙඩි තැබීම් වාර්තා වූ සෝමාලියාවේ පුන්ට්ලන්ඩ්හි සිටින රොයිටර් වාර්තාකරු අබ්දිකානි හසන් විසිනි.

පුන්ට්ලන්ඩ් ප්‍රදේශයෙන් වාර්තා වූයේ ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළ බව ය.

එහෙත් අදාළ ප්‍රහාර නතර කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලාංකිකයෝ මෙරට ඥාතීන් අමතමින් ඉල්ලා සිටියහ.

ඒ අනුව එම ඥාතීන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන්ව දැනුවත් කරමින් ඉල්ලා සිටියේ, ප්‍රහාර නතර කිරීමට පියවර ගන්නා ලෙස ය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ පැවති ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සහිත ඒරීස් නෞකාව මුදා ගැනීමට පුන්ට්ලන්ඩ් ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ඊයේ ආරම්භ කළේ ය.

විදෙස් වාර්තා ප්‍රකාශ කළේ, කොල්ලකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් අද පෙරවරුවේ ද සිදුවූ බව ය.

වයඹදිග සෝමාලියාවේ හබෝ ප්‍රදේශය ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සමග සෝමාලියාවේ ජිබූටි වරාය අසන්නයේදී ඒරීස් 13 නමැති ඉන්ධන නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් පැහැර ගත් බව පසුගියදා අනාවරණ විය.

පසුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් 8 දෙනා මුදාහැරීමට කප්පම් මුදලක් ඉල්ලා සිටින බව ය.

2012 වර්ෂයෙන් පසුව වාණිජ නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගත් පළමු අවස්ථාව මෙයයි.

පසුගිය ජනවාරි 28 වන දා පස්වරු 5.35ට මෙම නෞකාව සෝමාලියාවේ මොගඩිෂු දක්වා යාත්‍රා කරන අතර වාරයේ පැහැර ගෙන තිබිණි.

මේ අතර සොමාලියානු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ඒරීස් නෞකාවේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ඥාතීන් පිරිසක් අද නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අංශයට පැමිණියහ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.