Header Ads

ගැහැණුකම පසෙක තබා දියුණුව සොයා යන බස් හිමි කොන්දොස්තරවරිය (VIDEO)


කාන්තා ව්‍යවසායකයින්, කාන්තා ගුවන් නියමුවරියන් පිළිබඳව බොහෝ පුවත් අපට වාර්තා වේ.

පුර්ෂයින්ට සේම කාන්තාවන්ට ද බොහෝ රැකියාවල නිරත විය හැකි බව පැවසීමට කදිම නිදසුනක් පිළිබඳ පුවතක් මතුගමින් වාර්තා වේ.

වයස අවුරුදු 36ක් වන අනූෂා එක් දරු මවකි.

ඇය සුවිශේෂී වන්නේ, ඇය සතු අපරිමිත ධෛර්ය හේතුවෙනි.

පුද්ගලික ආයතනයක වසර කිහිපයක් සේවය කළ අනූෂා මේ වන විට බස් කොන්දොස්තරවරියක ලෙස කටයුතු කරයි.

ඒ තමන් විසින් ම මිලදී ගත් බස් රථයක ය.

සිය බාල සොහොයුරා මෙම බස් රථය පදවන්නේ, තමන්ගේ සොයුරියට තවත් දිරි දෙමිනි.

වයස අවුරුදු දෙකක දැරිවියකගේ මවක වන අනූෂාගේ ස්වාමියා සේවය කරන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවෙ ය.

වලල්ලාවිට – මතුගම බස් රථවල ගමන් ගන්නා බොහෝ දෙනෙකුට ඇය නුපුරුදු කෙනෙකු නොවන්නේ ඇය නියැලෙස රැකියාව හේතුවෙනි.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.