Header Ads

මාධ්‍යවේදියා ඇමතිතුමාගෙන් අහපු අපූරු ප්‍රශ්නය (Video)


අපි ජනාධිපතිවරණයේදී මෛත්‍රී ජනාධිපතිතුමාට උදව් කලේ නෑ..යනුවෙන් අද (23) පැවති මාධ්‍යහමුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරද්දී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ශ්‍රීලනිප කණ්ඩායමක් වත්මන් ජනාධිපතිතුමන්ට මැතිවරණය පැවති කාලයේදී යටින් උදව් කල බවයි.

ඒ විමසීමට අදාලව කරුණු පැහැදිලි කල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවටා සියලු දෙනා එකතුකරගනිමින් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වා ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ඉදිරියේදී ජනාධිපතිතුමන් විසින් ගන්නා බව ප්‍රකාශ කලා.

මෙවර පක්ෂයේ තරුණ පෙරමුණ ශක්තිමත් කර නව වැඩපිළිවෙලක් යටතේ දක්ෂ තරුණ දේශපාලන නායකයින් ගොඩනගන්නට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.