Header Ads

අතුරුදන් වී සිටි තරුණයෙකු පිඹුරෙකුගේ කුසින් සොයා ගැනේ (VIDEO)


අතුරුදන් වී සිටි තරුණයෙකු පිඹුරෙකුගේ කුස තුළින් හමුවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ වාසය කළ පුද්ගලයෙකු මෙම අනතුරට ලක්ව ඇති බවය.

ගොවිතැන් කටයුතු සඳහා ගොස් සිටියදී ඔහු අතුරුදන්ව සිටියේ, පසුගිය ඉරිදා දිනයේ සිට ය.

පසුව විශාල පිඹුරෙකු පිළිබඳව සැක සිතූ ප්‍රදේශ වාසීන් පිරිසක් පොලිසියට දැන්වීමෙන් අනතුරුව එම පිඹුරාගේ හම කපා අක්බාර් නමැති 25 හැවිරිදි තරුණයාගේ සිරුර පිටතට ගැනිණි.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.