Header Ads

තුන්වැනි එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට එරෙහි තරගාවලිය 1-1 ක් ලෙස සමකරයි.


සංචාරක බංගලාදේශය සමග පැවැති තීරණාත්මක 3වැනි එක්දින ක්‍රිකට් තරගය අද ශ්‍රී ලංකාව ලකුණු 70 කින් ජය ගැනීමට සමත්විය.

ඒ අනුව තරගාවලිය අවසන් වූයේ දෙපිළම එක් තරගය බැගින් ජය ලබමිනි.

කොළඹ එස්. එස්. සී පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්ටාසා ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සබඳතාවක් ගොඩනැගීමට ධනුශ්ක ගුණතිලක හා නායක උපුල් තරංග සමත්විය.

කුසල් මෙන්ඩිස් එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 54 ක් රැස් කළේ ය.

එක් දින දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්තා කළ, තිසර පෙරේරා පන්දු 40 කින් ලකුණු 52 ක් ලබා ගත්තේ ය.

මෂ්රෆි මොර්ටාසා ලකුණු 65 ට කඩුලු 3යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 281 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පන්දුවාර 44 යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 210 ක් පමණි.

එශකීබ් අල් හසන් ලකුණු 54 ක් රැස් කළේය.

බංගලාදේශයේ අවසන් කඩුලු 5 බිඳ වැටුනේ,  ලකුණු 99 ක් තුළදීයි.

නුවන් කුලසේකර ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.