Header Ads

අවුරුදු13 පෙම්වතිය කළ විහිළුව නිසා පෙම්වතා සියදිවි නසාගෙන.


ටයිසන් බෙන්ස් ජීවත්වුණේ මිචිගන්වල.ඔහුගේ වයස අවුරුදු 11 යි.ඔහු පහුගිය මාර්තු 14 වැනිදා සියදිවි නසාගන්න තැත් කළා.

ඔහුගේ මව ඔහුව සොයාගනිත්දී ඔහු එල්ලී හිටියේ ඔහුගේ කාමරයේ වහලයේ.ඔහුව වහාම රෝහල්ගත කළා.දින ගණනක දුක් විඳීම අවසන් කරමින් ඔහු ඊයේ ජිවිතයෙන් සමුගත්තා.

මේ විදිහට ඔහු සියදිවි නසාගත්තේ විහිලුවකට රැවටිලා.ඔහුට පෙම්වතියක් හිටියා. ඇයට වයස අවුරුදු 13 යි.

ඇය ඔහුට විහිළුවක් කරන්න හිතාගෙන ඇය මියගියා කියල ප්‍රචාරයක් යවල.මේ ප්‍රචාරය යවන්න ඇයට ඇගේ යාලුවොත් උදව් වෙලා.



තමන්ගේ පෙම්වතිය මියගියා කියල ඇතිවුණු කම්පාව නිසා ඔහුට මියයන්න හිතුණා.ඔහු ඒ නිසා එල්ලී මැරෙන්න උත්සාහ කළා.

ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ මව පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් කරලා. ඒ තමන්ගේ පුතාට මේ වගේ ඉරණමක් අත්කරදුන් ගැහැණු ළමයාත් ඇගේ මිතුරනුත් නීතිය හමුවට පමුණුවන්න කියලා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.